Showing posts with label Milk. Show all posts
Showing posts with label Milk. Show all posts

Tuesday, 24 January 2017

කඩල කිරි - Chickpea Milk (Garbanzo Milk)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පැය 24ක් පොඟවන ලද කඩල කෝප්ප 3ක්
-රට කජු 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-සාදික්කා කුඩු මේස හැඳි 1/8ක්
-ලුණු මේස හැඳි 1/8ක්

ක්‍රමය​:
1. කඩල​, රට කජුත් සමඟ බ්ලෙන්ඩරයකට දමා අවශ්‍ය ලෙස ජලය එකතු කර පාප්පයක් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

2. විශාල බඳුනකට ජලය 3785mlක් දමා උතුරන්න​.

3. කඩල පාප්පය, වැනිලා, සාදික්කා, කුරුඳු හා ලුණු එයට එකතු කර​ කවලම් කර, මිනිත්තු 20-30ක් ලාවට උතුරන්න තියන්න​.

4. රෙද්දක් ගෙන කිරි මිරිකා පෙරා ගන්න​. ඉතිරි වන කඩල තන්තු නොයෙකුත් ආහාරවලට පුරවණයක් ලෙස යොදා ගත හැක​.

ආමන්ඩ් කිරි - Almond Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අමු ආමන්ඩ් කෝප්ප 3/4ක් (100g)
-රට කජු 4ක්
-ජලය කෝප්ප 2ක් (500ml)

ක්‍රමය​:
1. රාත්‍රිය පුරා ආමන්ඩ් ඇට පොඟවන්න​.

2. ඇට පෙරා ගෙන පොත්ත ඉවත් කරන්න​.

3. ජලය හා රට කජු සමඟ ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

4. දින 3-4ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

Monday, 2 January 2017

තල කිරි - Sesame Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-තල කෝප්ප 1ක්
-ජලය කෝප්ප 4ක්
-රට ඉඳි 2ක්
-වැනිලා මේස හැඳි 1ක්
-ලුණු ස්වල්පයක්
-පොල් තෙල් මේස හැඳි 1ක් (අමතර​)

ක්‍රමය​:
1. තල ඇට රාත්‍රියක් පුරා ජලයේ පොඟවන්න​.

2. පෙරණයක් භාවිතා කර ජලය ඉවත් කරන්න​.

3. පෙරා ගත් ඇට, ජලය කෝප්ප 4ත් සමඟ බ්ලෙන්ඩරයකට දමා තත්පර 30-60ක කලක් උපරිම වේගයන් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න (අවශ්‍ය කාලය යන්ත්‍රයේ බලය මත රඳා පවතියි).

4. පෙරණයක් හෝ රෙද්දක් යොදා කිරි පෙරා ගන්න (ඉතිරි වන පාප්පය අමු කේක් හෝ විස්කෝතුවලට යෙදිය හැක. නැත්නම්, බේක් කරන කේක් හෝ විස්කෝතුවල ෆිලර් හෙවත් පුරවනයක් ලෙස යෙදිය හැක​).

5. බ්ලෙන්ඩරයට නැවතත් පෙරා ගත් කිරි දමා, වැනිලා, රට ඉඳි හා ලුණු සමඟ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.


6. හොඳින් වැසිය හැකි බඳුනක දින 2-3ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක​​.

Original recipe මූල වට්ටෝරුව​  (Young and Raw)

Tuesday, 27 December 2016

කජු කිරි - Cashew Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ජලය කෝප්ප 3ක් (750ml)
-ලුණු රහිත අමු කජු කෝප්ප 1ක් (140g)

ක්‍රමය​:
1. රාත්‍රිය පුරා කජු ජලයේ පොඟවන්න තබන්න​ (බලවත් බ්ලෙන්ඩර් යන්ත්‍රයක් ඇත්නම් මෙසේ කිරීම අත්‍යවශ්‍ය නැත​).

2. කජු පෙරා ගෙන ජලය 750ml සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

3. පෙරණයක්, කුහර ඇති රෙද්දක් හෝ නැප්කින් එකක් භාවිතා කර කිරි පෙරා ගන්න​.

4. හොඳින් වැසිය හැකි බඳුනක දමා දින 2-3 කලක් ශීතකරණයේ ගබඩා කර හැක​.

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

Saturday, 24 December 2016

කෙසෙල් කිරි - Banana Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කෙසෙල් ගෙඩි 2ක්
-ජලය කෝප්ප 4ක් (1000ml)
-රට ඉඳි 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-අයිස් කෝප්ප 1ක් (180g)

ක්‍රමය​:
1. බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

Monday, 7 November 2016

සෝයා කිරි - Soy Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-සෝයා ඇට කෝප්ප 1ක්
-ජලය කෝප්ප 3.5ක්

ක්‍රමය​:
1. සෝයා ඇට පැය 8ක් පොඟවන්න​.

2. පොතු ඉවත් කිරීම සඳහා ජලයට දමා පොඩි කරන්න​.

3. බ්ලෙන්ඩරයට දමා, ජලය කෝප්ප 3.5ත් එකතු කර මිනිත්තු 3ක් පමණ අඹරන්න​.

4. හොඳින් පෙරා ගන්න (ඉතුරු වන කැට සහිත ද්‍රව්‍ය ඔකාරා නම් වේ. මෙයින් නොයකුත් ආහාර සෑදිය හැක​, නැත්නම් පොහොර ලෙස භාවිතා කරන්න​)

5. අඩු ගින්දරේ මිනිත්තු 30ක් පමණ උතුරන්න​.

6. හැන්දකින් යොදය ඉවත් කරන්න​.

7. තවත් යොදය මුසු වී ඇත්නම් අවසානයේ පෙරන්න​.



Friday, 14 October 2016

හාල් කිරි - Rice Milk



අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිසින ලද දුඹුරු බත් කෝප්ප 1/2ක් (100g)
-ජලය කෝප්ප 2ක් (500ml)
-රටඉඳි 4ක්

ක්‍රමය​:
1. කැට නොමැති වන තෙක් මිශ්‍රණ යන්ත්‍රයක් යොදා හොඳින් අඹරන්න​.

2. රෙදි ගොටුවක් හෝ පෙරනයක් භාවිතා කර පෙරාගන්න (අත්‍යවශ්‍ය අදියරක් නොවේ).

3. තදින් වැසිය හැකි බඳුනක දමා දින 3-4ක කලක් ශීතකරණයේ තැන්පත් කරන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)