Wednesday 21 December 2016

ෆලාෆෙල් හොට් ඩෝග් - Falafel Hot Dog


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිසින ලද කඩල කෝප්ප 3ක් (800ග්)
-රතු ලූනු 2ක්
-පාර්ස්ලී මිටියක්
-දුරු මෙස හැඳි 1ක්
-මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
-කොත්තමල්ලි කුඩු මෙස හැඳි 1ක්
-සුදු ලූනු කෑලි 2ක්
-පාන් පිටි කෝප්ප 1ක් (130ග්)
-ඔලිව් තෙල් මේස හැඳි 4ක්
-බැදගත් රතු ලූණු කෑලි

ක්‍රමය​:
1. බැදගත් රතු ලූණු කෑලි හැර අනෙක් සියලු ද්‍රව්‍ය ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් අඹරා ගන්න.

2. ට්‍රේ එකක් ගෙන බේක් කරන කොළයක් එලා එය මත සොසේජ් හැඩයට අඹරා ගත් පේස්ට් එක සකසන්න.

3. 200Cක උෂ්ණත්වයෙන් මිනිත්තු 30ක් බේක් කරන්න.

4. හොට් ඩෝග් බනිසය ඇතුළට පිසින ලද "සොසේජ්" දමන්න.

5. බැදගත් රතු ලූණු කෑලි උඩින් දමන්න.

6. තක්කාලි සෝස් හා වෙනත් සෝස් වර්ග හොට් ඩෝග් එක මත දමන්න 



No comments:

Post a Comment