Thursday, 15 December 2016
ග්‍රිල්ඩ් පී නට් බටර් හා කෙසෙල් සැන්ඩ්විච් - Grilled Peanut Butter & Banana Sandwich
අවශ්‍ය ද්‍රව්‍ය:
-පී නට් බටර් මේස හැඳි 2ක්
-පාන් පෙති 2ක්
-පෙති කපාපු කෙසෙල් ගෙඩි 1ක්
-තෙල් හෝ මාජරීන් ස්වල්පයක්
ක්‍රමය:
1. පාන් පෙති දෙකේම එක් පැත්තක පී නට් බටර් තවරන්න.
2. බටර් තැවරුණු පැත්තක් මත කෙසෙල් පෙති දමා අනෙක් පාන් පෙත්තෙන් වසන්න.
3. සාස්පානක් තෙල් තවරා රත් කරන්න.
4. සැන්ඩ්විච් එක එයට දමා රන්වන් පැහැ වන තුරු දෙපැත්තම රත් කරන්න (එක් පැත්තක් මිනිත්තු 2ක් පමණ).
Original recipe මූල වට්ටෝරුව (Allrecipes)
Labels:
Meal
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment