අවශ්‍ය ද්‍රව්‍ය:
-කුඩාවට කැපූ ලූනු 1ක් (කෝප්ප 1/4ක් පමණ)
-කුඩාවට කැපූ රතු බෙල් පෙපර් කෝප්ප 1/4ක්
-කඩල පිටි කෝප්ප 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/4ක්
-ලුණු මේස හැඳි 1/4ක්
-ගම්මිරිස් කුඩු මේස හැඳි 1/8ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1/4ක්
-මිරිස් කුඩු ස්වල්පයක් (අමතර)
-ජලය කෝප්ප 1/2ක් හා තව මේස හැඳි 2ක්
-ඔලිව් තෙල් ස්වල්පයක්
ක්‍රමය:
1. කබල මධ්‍යස්ථ උෂ්ණත්වයකින් රත් කරන්න.
2. විශාල බඳුනක් ගෙන කඩල පිටි, සුදු ලූනු කුඩු, ලුණු, ගම්මිරිස්, බේකිං පවුඩර් හා මිරිස් කුඩු හොඳින් මිශ්‍ර කරන්න.
3. කැටි නැති වෙන තුරු ජලය දමා ගෑරුප්පුවක් හෝ වෙනත් උපකරණයක් යොදා හොඳින් ගසන්න (විස්ක් කරන්න).
4. කපාපු එළවළු එකතු කර, කවලම් කරන්න.
5. රත් වුනු කබලට තෙල් සවල්පය දමන්න.
6. මිශ්‍ර කර ගත් දියරය කබලට දමා, කබල පුරා රොටියක් ආකාරයට පතුරවන්න.
7. එක් පැත්තක් මිනිත්තු 5ක් පමණ ලා රන්වන් පැහැ වන තුරු පිසින්න.
8. ආහාරයට ගන්නා විට අලිපේර, හමස් වැන්නක් එකතු කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
[අයිස් ක්‍රීම්]
-කජු කෝප්ප 1/2ක්
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/2ක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්
[කැරමල්]
-රට ඉඳි 6ක් (ඇටය ඉවත් කළ)
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/4ක්
-ලුණු ස්වල්පයක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1/2ක්
[චොක්ලට් කොටස]
-පොල් තෙල් කෝප්ප 1/4ක්
-කොකෝ කුඩු කෝප්ප 1/3ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්
[උඩින් තැවරීමට]
-කුඩු කළ ආමන්ඩ් හෝ කජු
ක්‍රමය:
1. සියලු අයිස් ක්‍රීම් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
2. බ්ලෙන්ඩ් කර ගත් අයිස් ක්‍රීම් දියරය 3/4ක් පිරෙන තෙක් අයිස් ක්‍රීම් අච්චුවට දමන්න (පොප්සිකල් අච්චු).
3. ලී කෝටු ඇතුළත් කර, අයිස් ක්‍රීම් පැයකට පමණ ශීතකරණයට දමන්න.
4. කැරමල් සඳහා සියලු කැරමල් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
5. අවශ්‍ය ඝණකම ලබා ගත් පසු, අයිස් ක්‍රීම් අච්චුවල ඉතිරි 1/4 කැරමල්වලින් පුරවන්න.
6. කැරමල් ඝණ වෙන තුරු පැය 1-2ක් පමණ ශීතකරණයට දමන්න.
7. චොක්ලට් ද්‍රව්‍ය සියල්ල බඳුනකට දමා හොඳින් කවලම් කර ගන්න.
8. ඝණ වූ අයිස් ක්‍රීම් පොප්සිකල් චොක්ලට් මිශ්‍රණයට දමා චොක්ලට් තවරන්න.
9. ආමන්ඩ් හෝ කජුද තවරන්න.
10. ශීතකරණයට දමා වේලෙන්න තබන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
-ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්
-කොකෝ කුඩු කෝප්ප 1/2ක්
-වැනිලා මේස හැඳි 1/2ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්
-සෝයා කිරි කෝප්ප 1/2ක්
ක්‍රමය:
1. සියලු ද්‍රව්‍ය ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයක් හෝ වෙනත් යන්ත්‍රයක් යොදා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
2. ආහාරයට ගැනීමේදී, විසිතුරු වීදුරු බඳුනක් ගෙන, කපපු කෙසෙල් පෙති දමා, එයට උඩින් පුඩින් එක දමා, චොක්ලට් සිරප් හා මිංචි කොළයක් දමන්න.