Sunday 13 November 2016

පොලොස් බර්ගර් - Jackfruit Burger


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොලොස් 1000gක්
-දුඹුරු සීනි මේස හැඳි 2ක්
-පැප්‍රීකා කුඩු මේස හැඳි 1ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක​)
-සුදු ලූනු කුඩු මේස හැඳි 1ක්
-ලුණු කුඩු ස්වල්පයක්
-ගම්මිරිස් කුඩු ස්වල්පයක්
-මිරිස් කුඩු මේස හැඳි 1/2ක්

-තෙල් (බදින්න අවශ්‍ය​ ප්‍රමාණයක්)
-BBQ සෝස් කෝප්ප 2ක්
-බිත්තර/කිරි නොමැති බර්ගර් බනිස්

-කිරි නොමැති මාජරීන්/වීගන් බටර්
-සලාද කොළ​ (කැමති වර්ගයක්)

ක්‍රමය​:
1. බඳුනක් ගෙන​ සීනි, පැප්‍රීකා කුඩු, සුදු ලූනු කුඩු, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු පොලොස් වලට දමා හොඳින් මිශ්‍ර කර ගන්න​.

2. තෙල් වල බදින්න​.

3. එක පැත්තක් දුඹුරු වන විට ගෑරුප්පු යොදා පොලොස් කෑලි පෙරළන්න​.

4. ගෑරුප්පු යොදා ඇදලා ඉරන්න​.

5. බර්ගර් එක ඇතුලත මාජරීන්/වීගන් බටර් තවරන්න​.

6. පොලොස් හා කොළ අතුළට දමන්න​.


No comments:

Post a Comment