Tuesday 8 November 2016

තායි අයිස් ශාක කිරි තේ - Thai Iced Plant Milk Tea


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ජලය කෝප්ප 4ක් (960ml)
-තේ කොළ මේස හැඳි 2ක්
-කිතුල් පැණි කෝප්ප 1/4ක් (60ml)
-දුඹුරු සීනි හෝ පොල් සීනි කෝප්ප 1/4ක් (55g)
-වැනිලා මේස හැඳි 1ක්
-පොල් කිරි, හාල් කිරි, සෝයා කිරි හෝ වෙනත් ශාක කිරි 414mlක්

ක්‍රමය​:
1. විශාල බඳුනක ජලය උතුරන්න​.

2. ඉතිරෙන විට ගින්දරින් ඉවත් කර​, බුබුළු නැති වූ පසු තේ කොළ දමන්න​. මිනිත්තු 5ක් තියන්න​.

3. තේ කොළ ඉවත් කිරීමට පෙරන්න​.

4. කිතුල් පැණි, සීනි හා වැනිලා එකතු කර හොඳින් කවලම් කරන්න​.

5. පැණි රස ඇති නම් පැය 2-3ක කාලයක් ශීතකරනයේ තබන්න​.

6. අයිස් කැට සමඟ වීදුරු කෝප්ප වලට​ දමන්න​.

7. ශාක කිරි එකතු කර යන්තම් කවලම් කරන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Minimalist Baker)

No comments:

Post a Comment