Wednesday 23 November 2016

ග්ලූටන් නොමැති චොක්ලට් වොෆල් - Gluten-Free Chocolate Waffles


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රෝල් කරපු ඕට්ස් (rolled oats) කෝප්ප 3ක් (360g)
-ඔබ කැමති ශාක කිරි (සෝයා කිරි, හාල් කිරි, පොල් කිරි හෝ වෙනත්) කෝප්ප 1ක් (250ml)
-කොකෝ කුඩු මේස හැඳි 4ක්
-කිතුල් පැණි මේස හැඳි 4ක්

ක්‍රමය​:
1. වොෆල් සාදන යන්ත්‍රය​ රත් කරන්න​.

2. අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න​.

3. වොෆල් සාදන යන්ත්‍රය රත් වූ පසු ඔබ කැමතිනම් පොල් තෙල්, ඔලිව් තෙල් වැන්නකින් එය ඇතුළත තවරන්න​.

4. බ්ලෙන්ඩ් කර ගත් දියරය වොෆල් යන්ත්‍රයට දමන්න​.

5. වොෆල් යන්ත්‍රයේ උපදෙස් පරිදි පිසින වෙලාව තීරණය වේ. සාමාන්‍යයෙන් මිනිත්තු 7ක් පමණ ගත වේ.

6. පිසින ලද වොෆල්වලට ඔබ කැමතිම ආහාර ද්‍රව්‍ය දමන්න (කෙසෙල් පෙති, කිතුල් පැණි, ශාකමය අයිස් ක්‍රීම්, වීගන් විප්ඩ් ක්‍රීම් හා වෙනත්).

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

No comments:

Post a Comment