[කේක්]
-පාන් පිටි කෝප්ප 3/4ක්
-කොකෝ කුඩු කෝප්ප 1ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1ක්
-වැනිලා මේස හැඳි 1ක්
-මේපල් සිරප්/කිතුල් පැණි කෝප්ප 1ක්
-ආමන්ඩ් කිරි/කජු කිරි කෝප්ප 1.5ක්
[අයිසිං]
-කොකෝ කුඩු කෝප්ප 1ක්
-පවුඩර් කළ දුඹුරු සීනි කෝප්ප 1.5ක්
-එළකිරි නොමැති මාජරීන් කෝප්ප 1/3ක්
-වැනිලා මේස හැඳි 1ක්
-ආමන්ඩ් කිරි/කජු කිරි කෝප්ප 1/2ක්
ක්‍රමය:
1. කේක් ද්‍රව්‍ය සියල්ල ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
2. තෙල් ස්වල්පයක් තැවරූ කේක් ටින් දෙකකට මිශ්‍රණයෙන් සමාන ප්‍රමාණ දමන්න.
3. දෙකම 180C (356F) උෂ්ණත්වයකින් මිනිත්තු 30ක් බේක් කරන්න.
4. අයිසිං එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
5. බේක් කර ගත් කේක් නිවුනාට පසු අයිසිං එක කේක් දෙකේම උඩින් තවරා එක මත එක තබන්න.
No comments:
Post a Comment