Monday 20 February 2017

කඩල ඔම්ලට් - Chickpea Omelette


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කුඩාවට කැපූ ලූනු 1ක් (කෝප්ප 1/4ක් පමණ​)
-කුඩාවට කැපූ රතු බෙල් පෙපර් කෝප්ප 1/4ක්
-කඩල පිටි කෝප්ප 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/4ක්
-ලුණු මේස හැඳි 1/4ක්
-ගම්මිරිස් කුඩු මේස හැඳි 1/8ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1/4ක්
-මිරිස් කුඩු ස්වල්පයක් (අමතර​)
-ජලය කෝප්ප 1/2ක් හා තව මේස හැඳි 2ක්
-ඔලිව් තෙල් ස්වල්පයක්

ක්‍රමය​:
1. කබල මධ්‍යස්ථ උෂ්ණත්වයකින් රත් කරන්න​.

2. විශාල බඳුනක් ගෙන කඩල පිටි, සුදු ලූනු කුඩු, ලුණු, ගම්මිරිස්, බේකිං පවුඩර් හා මිරිස් කුඩු හොඳින් මිශ්‍ර කරන්න​.

3. කැටි නැති වෙන තුරු ජලය දමා ගෑරුප්පුවක් හෝ වෙනත් උපකරණයක් යොදා හොඳින් ගසන්න (විස්ක් කරන්න​).

4. කපාපු එළවළු එකතු කර, කවලම් කරන්න​.

5. රත් වුනු කබලට තෙල් සවල්පය දමන්න​.

6. මිශ්‍ර කර ගත් දියරය කබලට දමා, කබල පුරා රොටියක් ආකාරයට පතුරවන්න​.

7. එක් පැත්තක් මිනිත්තු 5ක් පමණ ලා රන්වන් පැහැ වන තුරු පිසින්න​.

8. ආහාරයට ගන්නා විට අලිපේර​, හමස් වැන්නක් එකතු කළ හැක​.

No comments:

Post a Comment