Monday 13 March 2017

නට් සහිත චොක්ලට් කේක් - Nutty Chocolate Cake


අවශ්‍ය ද්‍රව්‍ය​:
[කේක්]
-පාන් පිටි 360g
-අයිසිං සීනි 450g
-කොකෝ කුඩු 100g
-වැනිලා මේස හැඳි 1ක්
-ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක්
-එළවළු තෙල් 120ml
-බේකිං පවුඩර් මේස හැඳි 1ක්
-උණු ජලය 470ml
-ලුණු ස්වල්පයක්

[පී නට් බටර් අයිසිං]
-අයිසිං සීනි 120g
-පී නට් බටර් 250g

[චොක්ලට් හේසල්නට්/කජු අයිසිං]
-හේසල්නට්/කජු 225g
-අයිසිං සීනි 40g
-කොකෝ කුඩු 35g
-උණු කළ ඩාර්ක්/කුකිං චොක්ලට් 180g
-පොල් තෙල්/වෙනත් තෙල් 80ml

ක්‍රමය​:
1. සියලු කේක් ද්‍රව්‍ය ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

2. මිශ්‍රණයෙන් සමාන ප්‍රමාණ තෙල් තැවරූ කේක් ටින් 2කට දමා, 180C උෂ්ණත්වයකින් මිනිත්තු 30ක් බේක් කරන්න​.

3. කේක් සම්පූර්ණයෙන් නිවුනාට පසු ටින්වලින් ඉවත් කරන්න​.

4. හේසල්නට්/කජු බේකිං ට්‍රේ එකකට දමා මිනිත්තු 10-12ක් ලා රන්වන් පැහැ වන තුරු බේක් කරන්න​.

5. පී නට් බටර් අයිසිං එකට අවශ්‍ය ද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න​.

6. එක් කේක් එකක් මත පී නට් බටර් අයිසිං එක තවරා, අනිත් කේක් එක එය මත තබන්න​.

7. චොක්ලට් අයිසිං එක සඳහා, හේසල්නට්/කජු ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා, කොකෝ කුඩු හා අයිසිං සීනිද එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

8. හේසල්නට්/කජු මිශ්‍රණය බඳුනකට දමා, එයට දිය වුනු ඩාර්ක්/කුකිං චොක්ලට් හා පොල් තෙල් දමා හොඳින් මිශ්‍ර කර​, ඝණ වීම සඳහා මිනිත්තු 10ක් තබන්න​.

9. චොක්ලට් අයිසිං කේක් එක මත වක්කරන්න​.



චොක්ලට් ෆජ් කේක් - Chocolate Fudge Cake


අවශ්‍ය ද්‍රව්‍ය​:
[කේක්]
-පාන් පිටි කෝප්ප 3/4ක්
-කොකෝ කුඩු කෝප්ප 1ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1ක්
-වැනිලා මේස හැඳි 1ක්
-මේපල් සිරප්/කිතුල් පැණි කෝප්ප 1ක්
-ආමන්ඩ් කිරි/කජු කිරි කෝප්ප 1.5ක්

[අයිසිං]
-කොකෝ කුඩු කෝප්ප 1ක්
-පවුඩර් කළ දුඹුරු සීනි කෝප්ප 1.5ක්
-එළකිරි නොමැති මාජරීන් කෝප්ප 1/3ක්
-වැනිලා මේස හැඳි 1ක්
-ආමන්ඩ් කිරි/කජු කිරි කෝප්ප 1/2ක්

ක්‍රමය​:
1. කේක් ද්‍රව්‍ය සියල්ල ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

2. තෙල් ස්වල්පයක් තැවරූ කේක් ටින් දෙකකට මිශ්‍රණයෙන් සමාන ප්‍රමාණ දමන්න​.

3. දෙකම 180C (356F) උෂ්ණත්වයකින් මිනිත්තු 30ක් බේක් කරන්න​.

4. අයිසිං එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

5. බේක් කර ගත් කේක් නිවුනාට පසු අයිසිං එක කේක් දෙකේම උඩින් තවරා එක මත එක තබන්න​.




Saturday 11 March 2017

වීගන් කොරියන් කිම්චී - Vegan Korean Kimchi


අවශ්‍ය ද්‍රව්‍ය​:
-චීන ගෝවා (නැපා ගෝවා) රාත්තල් 2ක් (වීශාල ගෙඩි 1ක්)
-කැටි ගැසුනු ලුණු කෝප්ප 3/4ක්

[කිම්චී පේස්ට් එකට​]
-ජලය කෝප්ප 1.5ක්
-ෂිටාකේ හතු 4ක් (වෙනත් හතු ආදේශ කළ හැක​)
-5" x 5"ක ප්‍රමාණයේ මුහුදු පැලෑටි/ඇල්ගී ශීට් 1ක් (Konbu/Dahsima)
-පැණි රසැති හාල් පිටි මේස හැඳි 2ක්
-සුදු ලූනු කෑලි 4ක්
-ඉඟුරු අවුන්ස 1ක්​
-රතු මිරිස් 1-2ක් (අමතර​)
-ලෙලි ගලවා ඉරණ ලද පර්සිමොන් ගෙඩි (ඇපල් හෝ පෙයාර් ගෙඩි ආදේශ කළ හැක​) අවුන්ස 6-8ක් (මධ්‍යස්ථ ප්‍රමාණයේ ගෙඩි 2ක් පමණ​)
-ලුණු මේස හැඳි 1ක්
-ගොචුගරු/කොරියන් රතු මිරිස් ෆ්ලේක්ස්/කුඩු කෝප්ප 3/4ක්
-සිහින්වට කැපූ කොරියන් රාබු අවුන්ස 8-10ක්
-අඟල් 1ක දිගකට කැපූ ලූනු 4ක කොළ​
-කොරියන් අබ කොළ හෝ සිහින්වට කැපූ කැරට් අවුන්ස 4ක්
-තල ඇට මේස හැඳි 2ක්

ක්‍රමය​:
1. ගෝවා මධ්‍යස්ථ කෑලිවලට කපන්න​.

2. ස්ට්‍රේනරයකට (පෙරණයකට​) දමා ගෝවා තෙමීම සඳහා ටැප් එකෙන් ජලය මධ්‍යස්ථ ප්‍රමාණයක් දමන්න​.

3. විශාල බඳුනක් ගෙන ගෝවා 1/4ක් එයට දමා ලුණු 1/4ක් ඉසින්න​.

4. තට්ටු 4ක් පමණ බඳුනේ ගොඩ ගැසෙනකම් ඉතිරි ගෝවා හා ලුණුද මේ ආකාරෙයෙන් දමන්න​.

5. පැය 3ක් ලුණු අල්ලන තුරු තියන්න​.

6. සෑම පැයකට සැරයක්ම පහළ සිට ඉහළට කවලම් කරන්න​.

7. පැය 3කට පසු ගෝවා මත ජලය තට්ටුවක් දැක ගත හැකි වේ (දඬු කොටස නමන විට කැඩෙනවා නම් තව පොඟවන්න තිබිය යුතුය​).

8. අමතර ලුණු ඉවත් කිරීම සඳහා 5 පාරක් පමණ හොඳින් ජලය දමා හෝදන්න​.

9. ජලය සම්පූර්ණයෙන්ම පෙරා ඉවත් කරන්න (මිනිත්තු 30-60ක් පමණ පෙරෙන්න තබන්න​​).

10. පෙරෙන අතරතුරු කිම්චී පේස්ට් සාදන්න ගන්න​.

11. කුඩා බඳුනක් ගෙන මුහුදු පැලෑටි, හතු හා ජලය දමා උතුරන්න ගන්න​.

12. උතුරන විට මුහුදු පැලෑටි ඉවත් කර​, උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හතු ලාවට උතුරන්න​.

13. හතු ඉවත් කර එම දියරයට හාල් පිටි එකතු කර විස්ක් කරන්න (වේගයෙන් කලතන්න​).

14. නැවත් මධ්‍යස්ථ උෂ්ණත්වයකින් ලාවට උතුරන ගමන් මිනිත්තු 1-2ක් පමණ විස්ක් කරන්න​.

15. මෙය ශීතකරණයේ මිනිත්තු 20-30ක් ශීත කරන්න​.

16. බ්ලෙන්ඩරයක් ගෙන එයට සුදු ලූනු, ඉඟුරු, රතු මිරිස්, පර්සිමොන්/ඇපල්, ලුණු හා හාල් පිටි මිශ්‍රණය දමා හොඳින් ක්‍රීම් වන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

17. විශාල බඳුනක් ගෙන බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය, ගොචුගරු/කොරියන් රතු මිරිස් ෆ්ලේක්ස් හා එළවලු (ගෝවා හැර අනිත් එළවළු) දමා අතින් (ග්ලව් එකක් පළඳින්න​) හෝ හැන්දකින් මිශ්‍ර කරන්න​.

18. පෙරා ගත් ගෝවා එකතු කර අතින් හෝ හැන්දකින් හොඳින් කවලම් කරන්න​.

19. අවසානයේ තල ඇට දමා යන්තම් කවලම් කරන්න​.

20. හොඳින් වැසිය හැකි ඉඩ ඇති බඳුනකට දමා, තදින් වසා පැය 24-48ක් කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න​.

21. ඉන් පසු ශීතකරණයේ ගබඩා කළ හැක​.



ඇක්වාෆාබා චොක්ලට් මූස් - Aquafaba Chocolate Mousse


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කඩල කෑන් 1ක ජලය (හෝ කඩල තම්බන ලද ජලය​)
-ඩාර්ක්/කුකිං චොක්ලට් (කැමති ප්‍රමාණයක්)
-මිරිස් ස්වල්පයක්

ක්‍රමය​:
1. උතුරන ජලය බඳුනක් මත දීසියක් තබා චොක්ලට් දිය කර ගන්න​.

2. වෙනත් බඳුනක් ගෙන, ඇක්වාෆාබා (කඩල ජලය​) දමා, හොඳින් බීට් කරන්න​.

3. චොක්ලට් දමා කවලම් කර ගන්න​.

4. මිරිස් ස්වල්පයක් ඉසින්න​; ඉන් පසු නැවත කවලම් කරන්න​.

5. විසිතුරු බඳුනකට දමා ශීතකරණයේ ශීත වන තුරු තබන්න​.



Monday 20 February 2017

කඩල ඔම්ලට් - Chickpea Omelette


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කුඩාවට කැපූ ලූනු 1ක් (කෝප්ප 1/4ක් පමණ​)
-කුඩාවට කැපූ රතු බෙල් පෙපර් කෝප්ප 1/4ක්
-කඩල පිටි කෝප්ප 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/4ක්
-ලුණු මේස හැඳි 1/4ක්
-ගම්මිරිස් කුඩු මේස හැඳි 1/8ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1/4ක්
-මිරිස් කුඩු ස්වල්පයක් (අමතර​)
-ජලය කෝප්ප 1/2ක් හා තව මේස හැඳි 2ක්
-ඔලිව් තෙල් ස්වල්පයක්

ක්‍රමය​:
1. කබල මධ්‍යස්ථ උෂ්ණත්වයකින් රත් කරන්න​.

2. විශාල බඳුනක් ගෙන කඩල පිටි, සුදු ලූනු කුඩු, ලුණු, ගම්මිරිස්, බේකිං පවුඩර් හා මිරිස් කුඩු හොඳින් මිශ්‍ර කරන්න​.

3. කැටි නැති වෙන තුරු ජලය දමා ගෑරුප්පුවක් හෝ වෙනත් උපකරණයක් යොදා හොඳින් ගසන්න (විස්ක් කරන්න​).

4. කපාපු එළවළු එකතු කර, කවලම් කරන්න​.

5. රත් වුනු කබලට තෙල් සවල්පය දමන්න​.

6. මිශ්‍ර කර ගත් දියරය කබලට දමා, කබල පුරා රොටියක් ආකාරයට පතුරවන්න​.

7. එක් පැත්තක් මිනිත්තු 5ක් පමණ ලා රන්වන් පැහැ වන තුරු පිසින්න​.

8. ආහාරයට ගන්නා විට අලිපේර​, හමස් වැන්නක් එකතු කළ හැක​.

Sunday 19 February 2017

වීගන් මැග්නම් අයිස් ක්‍රීම් - Vegan Magnum Ice-cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
[අයිස් ක්‍රීම්]
-කජු කෝප්ප 1/2ක්
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/2ක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්

[කැරමල්]
-රට ඉඳි 6ක් (ඇටය ඉවත් කළ​)
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/4ක්
-ලුණු ස්වල්පයක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1/2ක්

[චොක්ලට් කොටස​]
-පොල් තෙල් කෝප්ප 1/4ක්
-කොකෝ කුඩු කෝප්ප 1/3ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්

[උඩින් තැවරීමට​]
-කුඩු කළ ආමන්ඩ් හෝ කජු

ක්‍රමය​:
1. සියලු අයිස් ක්‍රීම් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

2. බ්ලෙන්ඩ් කර ගත් අයිස් ක්‍රීම් දියරය 3/4ක් පිරෙන තෙක් අයිස් ක්‍රීම් අච්චුවට දමන්න (පොප්සිකල් අච්චු).

3. ලී කෝටු ඇතුළත් කර​, අයිස් ක්‍රීම් පැයකට පමණ ශීතකරණයට දමන්න​.

4. කැරමල් සඳහා සියලු කැරමල් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

5. අවශ්‍ය ඝණකම ලබා ගත් පසු, අයිස් ක්‍රීම් අච්චුවල ඉතිරි 1/4 කැරමල්වලින් පුරවන්න​.

6. කැරමල් ඝණ වෙන තුරු පැය 1-2ක් පමණ ශීතකරණයට දමන්න​.

7. චොක්ලට් ද්‍රව්‍ය සියල්ල බඳුනකට දමා හොඳින් කවලම් කර ගන්න​.

8. ඝණ වූ අයිස් ක්‍රීම් පොප්සිකල් චොක්ලට් මිශ්‍රණයට දමා චොක්ලට් තවරන්න​.

9. ආමන්ඩ් හෝ කජුද තවරන්න​.

10. ශීතකරණයට දමා වේලෙන්න තබන්න​.

Tuesday 14 February 2017

කෙසෙල් චොක්ලට් පුඩින් - Creamy Banana Chocolate Pudding


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්
-කොකෝ කුඩු කෝප්ප 1/2ක්
-වැනිලා මේස හැඳි 1/2ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්
-සෝයා කිරි කෝප්ප 1/2ක්

ක්‍රමය​:
1. සියලු ද්‍රව්‍ය ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයක් හෝ වෙනත් යන්ත්‍රයක් යොදා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

2. ආහාරයට ගැනීමේදී, විසිතුරු වීදුරු බඳුනක් ගෙන​, කපපු කෙසෙල් පෙති දමා, එයට උඩින් පුඩින් එක දමා, චොක්ලට් සිරප් හා මිංචි කොළයක් දමන්න​.


Tuesday 31 January 2017

ග්ලූටන් නොමැති පෑන්කේක් - Gluten-Free Pancakes


අවශ්‍ය ද්‍රව්‍ය​:
-හාල් පිටි කෝප්ප 1ක් (150g)
-ඕට් පිටි කෝප්ප 1ක් (120g)
-බේකිං පවුඩර් මේස හැඳි 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1ක්
-සෝයා කිරි කෝප්ප 1ක් (250ml)
-කිතුල් පැණි මේස හැඳි 2ක්
-වැනිලා මේස හැඳි 2ක් (අමතර​)
-ඔලිව් තෙල් මේස හැඳි 1ක්
-පෙති කැපූ කෙසෙල් ගෙඩි 2ක්

ක්‍රමය​:
1. සියලුම වියළි ද්‍රව්‍ය බඳුනක කවලම් කරන්න.

2. දියර ද්‍රව්‍ය වෙනත් බඳුනක කවලම් කර, කෙසෙල් එකතු කර බ්ලෙන්ඩ් කරන්න.

3. වියළි හා දියර ද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා හෝ හැන්දකින් මිශ්‍ර කරන්න​.

4. ලාවට තෙල් තැවරූ රත් කළ කබලක බැටර් එකෙන් 1/4ක් දමා, එක් පැත්තක් මිනිත්තු 2 බැගින් පිසින්න​.

5. කැපූ කෙසෙල් ගැඩි හා කිතුල් පැණි සමඟ ආහාරයට ගන්න​.

Monday 30 January 2017

මිරිස් ටෝෆූ - Chilli Tofu


අවශ්‍ය ද්‍රව්‍ය​:
-දොඩම් යුෂ කෝප්ප 1ක්
-ලෙමන් යුෂ කෝප්ප 1/4ක්
-පැණි රසැති මිරිස් සෝස් (චිලී සෝස්) කෝප්ප 1/3ක්
-මිරිස් පේස්ට් (චිලී පේස්ට්) මේස හැඳි 1ක්
-සිරාචා සෝස් ස්වල්පයක් (අමතර​)
-සෝයා සෝස් මේස හැඳි 4ක්
-ඝණ ටෝෆූ කුට්ටි 1ක්
-ඉරිඟු පිටි
-එළවළු තෙල්

ක්‍රමය​:
1. පළතුරු යුෂ​, චිලී පේස්ට්, සෝස් වර්ග ලාවට උතුරවන්න​.

2. ටෝෆූ තීරු ආකාරයට කපන්න​.

3. ඉරිඟු පිටි තවරන්න​.

4. බදින්න අවශ්‍ය ප්‍රමාණයක එළවළු තෙල් රත් කර, ටෝෆූ කෑලි ලා දුඹුරු වන තෙක් බදින්න​.

5. බොහෝ දුරට හිඳී ඇති සෝස් මිශ්‍රණයට ටෝෆූ හොඳින් කවලම් කර​, සිවල්ප වේලාවක් පිසින්න​.

6. තල ඇට උඩින් ඉසින්න​; ඉන් පසු බත් සමඟ ආහාරයට ගන්න​.

Tuesday 24 January 2017

ටෝෆු "බිත්තර​" ස්ක්‍රැම්බල් - Tofu "Egg" Scramble


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ඝණ​ ටෝෆු අවුන්ස 8ක්
-ඔලිව් තෙල් මේස හැඳි 1-2ක්
-සිහින් පෙති කැපූ රතු ලූනු 1/4ක්
-සිහින් පෙති කැපූ රතු බෙල් පෙපර් 1/2ක්
-පොඩිවට කැපූ කේල් හෝ වෙනත් පළා කෝප්ප 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/2ක්
-දුරු කුඩු මේස හැඳි 1/2ක්
-මිරිස් කුඩු මේස හැඳි 1/4ක්
-කහ කුඩු මේස හැඳි 1/4ක්

ක්‍රමය​:
1. ටෝෆු රෙද්දක් මත තබා, බරක් උඩින් දමා මිනිත්තු 15ක් ජලය බහින්න තබන්න​.

2. බඳුනක් ගෙන කුළුබඩු සියල්ල දමා, ජලය එකතු කර සෝස් එකක් සාදා ගන්න​.

3. මධ්‍යස්ථ උෂ්ණත්වයකින් කබල රත් කර​, ඔලිව් තෙල් දමා, ලූනු හා පෙපර් පෙති එකතු කර, ගම්මිරිස් ස්වල්පයක් හා ලුණු දමා කවලම් කර මිනිත්තු 5ක් තෙම්පරාදු කරන්න​.

4. පළා එකතු කර, තව ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්ද දමා මිනිත්තු 2ක් වසා පිසින්න​.

5. ටෝෆු එක ගෑරුප්පුවකින් කුඩා කෑලිවලට කඩන්න​.

6. කබලේ එක් පැත්තකට එළවළු තල්ලු කර ටෝෆු දමන්න​.

7. මිනිත්තු 2ක් බදින්න​, ඉන් පසු සකසා ගත් සෝස් එක දමන්න (වැඩි ප්‍රමාණයක් ටොෆුවලට​, අඩු ප්‍රමාණයක් එළවළුවලට​).

8. ඉක්මණින් කවලම් කර ටෝෆු දුඹුරු ලා පැහැ වන තුරු මිනිත්තු 5-7ක් පිසින්න​. මෙයට තව රස කරන්න පාර්ස්ලී හා කැමති සෝස් වර්ගයක් දමා, පාන් ටෝස්ට්, අල හා පළතුරු සමඟ ආහාරයට ගත හැක​.

කඩල කිරි - Chickpea Milk (Garbanzo Milk)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පැය 24ක් පොඟවන ලද කඩල කෝප්ප 3ක්
-රට කජු 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-සාදික්කා කුඩු මේස හැඳි 1/8ක්
-ලුණු මේස හැඳි 1/8ක්

ක්‍රමය​:
1. කඩල​, රට කජුත් සමඟ බ්ලෙන්ඩරයකට දමා අවශ්‍ය ලෙස ජලය එකතු කර පාප්පයක් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

2. විශාල බඳුනකට ජලය 3785mlක් දමා උතුරන්න​.

3. කඩල පාප්පය, වැනිලා, සාදික්කා, කුරුඳු හා ලුණු එයට එකතු කර​ කවලම් කර, මිනිත්තු 20-30ක් ලාවට උතුරන්න තියන්න​.

4. රෙද්දක් ගෙන කිරි මිරිකා පෙරා ගන්න​. ඉතිරි වන කඩල තන්තු නොයෙකුත් ආහාරවලට පුරවණයක් ලෙස යොදා ගත හැක​.

කඩල ටෝෆූ - Chickpea Tofu (Garbanzo Tofu)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රාත්‍රිය පුරා පොඟවන ලද කඩල 200g
-ජලය 500ml

ක්‍රමය​:
1. ජලය 500ml සමඟ කඩල බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

2. රෙද්දක් ගෙන හොඳින් මිරිකා පෙරා ගන්න​.

3. පෙරා ගත් කඩල කිරි ඝණ වන තුරු හැඳි ගාමින් රත් කරන්න​.

4. කෝප්ප වලට දමා, තවත් ඝණ වන තුරු පැයක් තබන්න​.



ටෝෆූ - Tofu


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රාත්‍රිය පුරා පොඟවන ලද සෝයා ඇට 300g
-ජලය 2000ml
-නිගාරී/මැග්නීසියම් ක්ලෝරයිඩ් 12.5ml
-උණු ජලය 50ml (නිගාරී දිය කිරීමට​)

ක්‍රමය​:
1. පොඟවන ලද සෝයා ඇට ජලය සමඟ බ්ලෙන්ඩ් කරන්න​.

2. හැඳි ගාමින් උතුරන්න​.

3. මිනිත්තු 15කින් පසු උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හැඳි ගාමින් ලාවට උතුරන්න​.

4. පෙරණයක් හෝ රෙද්දක් භාවිතා කර හොඳින් මිරිකා පෙරා ගන්න​.

5. ඉතිරි වන පාප්පය ඔකාරා නම් වේ. මෙය වෙන ආහාර සෑදීමට වෙන් කරන්න​. පෙරා ගත් දියරය සෝයා කිරි වේ.

6. සෝයා කිරිවලින් ටෝෆු හදන්නේ එළකිරි චීස්වලට කැටි කරන ආකාරයටයි. සෝයා කිරි කැටි කිරීමට නිගාරී හෙවත් මැග්නීසියම් ක්ලෝරයිඩ් යොදා ගනියි. නිගාරී ජලය 50ml සමඟ රත් කර කවලම් කරන්න​.

7. සෝයා කිරි හැඳි ගාමින් 73C (163F) උෂ්ණත්වයකට රත් කර (උෂ්ණත්වමානයක් යොදා ගත හැක​) නිගාරී සෙමින් එකතු කරන්න​.

8. ස්වල්ප වශයෙන් කවලම් කර මිනිත්තු 10ක් වසා තබන්න​.

9. ලීවලින් සෑදූ හතරැස් ටෝෆු අච්චුවකට රෙදි තීරු එලා කැටි ගැසුනු සෝයා කිරි දමන්න​.

10. රෙදි තීරු වලින් වසා, ලී පියන ද එය මත තබන්න (වැඩියෙන් ඝණ ටෝෆු අවශ්‍ය නම් තව බරක් උඩින් තබන්න​).

11. මිනිත්තු 10කින් ටොෆූ එළියට ගත හැක​.

12. තිත්ත රස ඉවත් කිරීමට මිනිත්තු 30ක් ජලයේ පොඟවන්න​.


හමස් - Hummus


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිසින ලද කඩල කෝප්ප 3ක්
-ජලය හෝ කඩල තමබපු ජලය කෝප්ප 3/4-1ක්
-පොතු ඉවත් කළ සුදු ලූනු කෑලි 2-4ක්
-ටහීනි මේස හැඳි 2ක් හෝ තල ඇට මේස හැඳි 4ක්
-ලෙමන් යුෂ මේස හැඳි 2-4ක්
-දුරු මේස හැඳි 1/4-1ක්
-පැප්‍රීකා මේස හැඳි 1/4ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක​)
-මිරිස් කුඩු මේස හැඳි 1/8-1/2ක්
-ලුණු ස්වල්පයක්

ක්‍රමය​:
1. ලුණු හැර අන් සියලු ද්‍රව්‍ය (සටහන් කර ඇති අඩුම ප්‍රමාණ​) එකින් එක බ්ලෙන්ඩරයකට දමා අඩු වේගයේ සිට වැඩි කරමින් බ්ලෙන්ඩ් කරන්න​.

2. හැන්දක් යොදා අවශ්‍ය ලෙස මැදින් නවතා කලතන්න​.

3. මිශ්‍රණය ඝණ වැඩි නම් ජලය ස්වල්පයක් දමන්න​.

4. උපරිම වේගයෙන් ක්‍රීම් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

5. රස පරීක්‍ෂා කර​, ඒ අනුව තව ද්‍රව්‍ය එකතු කර, ලුණුත් සමඟ නැවත බ්ලෙන්ඩ් කරන්න​.

6. හොඳම රස ගැනීමට පැයක් ශීතකරණයේ තබන්න.

7. සතියක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

උණු චොක්ලට් පානය - Hot Chocolate


අවශ්‍ය ද්‍රව්‍ය​:
[උණු චොක්ලට් පෙපර්මින්ට් පානය - Peppermint Hot Chocolate​]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-පෙපර්මින්ට් සාරය බිංදු 5-6ක්

[උණු දොඩම් චොක්ලට් පානය​ - Orange Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීරූ දොඩම් පොතු කුඩු (orange zest)

[ඝණ ඉතාලි උණු චොක්ලට් පානය​, ලුණු සමඟ​ - Italian Thick Hot Chocolate with Sea Salt]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 1.5ක් (350ml)
-ඉරිඟු පාප්ප (corn starch) මේස හැඳි 2ක්
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීනි මේස හැඳි 2ක්
-ලුණු ස්වල්පයක්

ක්‍රමය​:
1. ලාවට උතුරන තුරු කිරි රත් කරන්න​.

2. I. පෙපර්මින්ට් චොක්ලට් පානයට නම් චොක්ලට් හා පෙපර්මින්ට් දමා හොඳින් කවලම් කරන්න​.
    II. දොඩම් චොක්ලට් පානයට නම් චොක්ලට් හා දොඩම් කුඩු දමා හොඳින් කවලම් කරන්න​.
    III. ඝණ ඉතාලි චොක්ලට් පානයට නම් ඉරිඟු පාප්ප, කිරි මේස හැඳි 2ක් සමඟ කලින් මිශ්‍ර කර​, ඉන් පසු චොක්ලට් සමඟ උතුරන ලද කිරි එකට හොඳින් කවලම් කරන්න​. අවසානයේ ලුණු ස්වල්පය උඩින් ඉසින්න​.

ආමන්ඩ් කිරි - Almond Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අමු ආමන්ඩ් කෝප්ප 3/4ක් (100g)
-රට කජු 4ක්
-ජලය කෝප්ප 2ක් (500ml)

ක්‍රමය​:
1. රාත්‍රිය පුරා ආමන්ඩ් ඇට පොඟවන්න​.

2. ඇට පෙරා ගෙන පොත්ත ඉවත් කරන්න​.

3. ජලය හා රට කජු සමඟ ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

4. දින 3-4ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

පොල් අයිස් ක්‍රීම් (යන්ත්‍ර නොමැති) - Coconut Ice-Cream (No Machine)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොල් මිටි කිරි අවුන්ස 42ක්
-සීනි කෝප්ප 2/3ක්
-වැනිලා මේස හැඳි 2ක් හෝ වෙනත් රස කාරක​

ක්‍රමය​:
1. පොල් මිටි කිරි අවුන්ස 28ක් ශීතකරණයේ අඩුම තරමින් පැය 6ක් ශීත කරන්න​.

2. ඉතිරි පොල් කිරි අවුන්ස 14 සීනිත් සමඟ මිනිත්තු 30ක් ලාවට උතුරන්න (මිනිත්තු 10කින් ලා රන්වන් පැහැයක් ගනියි)​.

3. ශීත කළ පොල් කිරිවල ක්‍රීම් කොටස බඳුනකට දමා මිනිත්තු 3-4ක වෙලාවක් බීට් කරන්න​.

4. උතුරන ලද පොල් කිරි නිවුනාට පසු, බීට් කළ පොල් ක්‍රීම් සමඟ​ උපරිම වේගයෙන් මිනිත්තු 2-3ක් බීට් කරන්න​.

5. වසන ලද බඳුනකට දමා පැය 4ක් ශීතකරණයේ තබන්න​.

6. රස කාරක සඳහා කොකෝ කුඩු හෝ වැනිලා හෝ පළතුරු ප්‍යුරී යෙදිය හැක​.