Sunday 19 February 2017

වීගන් මැග්නම් අයිස් ක්‍රීම් - Vegan Magnum Ice-cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
[අයිස් ක්‍රීම්]
-කජු කෝප්ප 1/2ක්
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/2ක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්

[කැරමල්]
-රට ඉඳි 6ක් (ඇටය ඉවත් කළ​)
-පොල් ක්‍රීම් (ඝණ මිටි කිරි) කෝප්ප 1/4ක්
-ලුණු ස්වල්පයක්
-වැනිලා පවුඩර් මේස හැඳි 1/2ක්

[චොක්ලට් කොටස​]
-පොල් තෙල් කෝප්ප 1/4ක්
-කොකෝ කුඩු කෝප්ප 1/3ක්
-කිතුල් පැණි කෝප්ප 1/8ක්

[උඩින් තැවරීමට​]
-කුඩු කළ ආමන්ඩ් හෝ කජු

ක්‍රමය​:
1. සියලු අයිස් ක්‍රීම් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

2. බ්ලෙන්ඩ් කර ගත් අයිස් ක්‍රීම් දියරය 3/4ක් පිරෙන තෙක් අයිස් ක්‍රීම් අච්චුවට දමන්න (පොප්සිකල් අච්චු).

3. ලී කෝටු ඇතුළත් කර​, අයිස් ක්‍රීම් පැයකට පමණ ශීතකරණයට දමන්න​.

4. කැරමල් සඳහා සියලු කැරමල් ද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

5. අවශ්‍ය ඝණකම ලබා ගත් පසු, අයිස් ක්‍රීම් අච්චුවල ඉතිරි 1/4 කැරමල්වලින් පුරවන්න​.

6. කැරමල් ඝණ වෙන තුරු පැය 1-2ක් පමණ ශීතකරණයට දමන්න​.

7. චොක්ලට් ද්‍රව්‍ය සියල්ල බඳුනකට දමා හොඳින් කවලම් කර ගන්න​.

8. ඝණ වූ අයිස් ක්‍රීම් පොප්සිකල් චොක්ලට් මිශ්‍රණයට දමා චොක්ලට් තවරන්න​.

9. ආමන්ඩ් හෝ කජුද තවරන්න​.

10. ශීතකරණයට දමා වේලෙන්න තබන්න​.

1 comment: