Thursday 29 December 2016

චොක්ලට් හාල් කිරි ශේක් - Chocolate Rice Milkshake


අවශ්‍ය ද්‍රව්‍ය​:
-හාල් කිරි කෝප්ප 2ක් (500ml)
-ශීත කරන ලද කෙසෙල් ගෙඩි 2ක්
-රට ඉඳි 4ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-කොකෝ කුඩු මේස හැඳි 2ක්
-සෝයා විප්ඩ් ක්‍රීම්, කඩල විප්‍ඩ් ක්‍රීම් හෝ පොල් විප්ඩ් ක්‍රීම්
-චොක්ලට් කැබලි
-චොක්ලට් සිරප්

ක්‍රමය​:
1. හාල් කිරි, කෙසෙල් ගෙඩි, රට ඉඳි, කුරුඳු කුඩු හා කොකෝ කුඩු බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.

2. විප්ඩ් ක්‍රීම්, චොක්ලට කැබලි, චොක්ලට් සිරප් හෝ ඔබ කැමති වෙනත් දේ උඩින් දමන්න​.

සෝයා විප්ඩ් ක්‍රීම් - Soy Whipped Cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
-සෝයා කිරි කෝප්ප 1/4ක්
-එළවළු තෙල් කෝප්ප 1/2ක්
-කිතුල් පැණි මේස හැඳි 1ක්
-වැනිලා මේස හැඳි 1/2ක්

ක්‍රමය​:
1. සෝයා කිරි හා තෙල් 1/4ක් බ්ලෙන්ඩර් යන්ත්‍රයකට දමා උපරිම වේගයෙන් බ්ලෙන්ඩ් කරන්න ගන්න​.

2. බ්ලෙන්ඩ් වෙන ගමන් ඉතිරි තෙල් 1/4 සෙමින් ටිකින් ටික එකතු කරන්න​.

3. උකු වීමට පැණි, වැනිලා හා අවශ්‍යනම් තව තෙල් ස්වල්පයක්ද එකතු කර​ බ්ලෙන්ඩ් කරන්න​.

Tuesday 27 December 2016

කජු කිරි - Cashew Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ජලය කෝප්ප 3ක් (750ml)
-ලුණු රහිත අමු කජු කෝප්ප 1ක් (140g)

ක්‍රමය​:
1. රාත්‍රිය පුරා කජු ජලයේ පොඟවන්න තබන්න​ (බලවත් බ්ලෙන්ඩර් යන්ත්‍රයක් ඇත්නම් මෙසේ කිරීම අත්‍යවශ්‍ය නැත​).

2. කජු පෙරා ගෙන ජලය 750ml සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

3. පෙරණයක්, කුහර ඇති රෙද්දක් හෝ නැප්කින් එකක් භාවිතා කර කිරි පෙරා ගන්න​.

4. හොඳින් වැසිය හැකි බඳුනක දමා දින 2-3 කලක් ශීතකරණයේ ගබඩා කර හැක​.

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

Saturday 24 December 2016

කෙසෙල් කිරි - Banana Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කෙසෙල් ගෙඩි 2ක්
-ජලය කෝප්ප 4ක් (1000ml)
-රට ඉඳි 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-අයිස් කෝප්ප 1ක් (180g)

ක්‍රමය​:
1. බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

Wednesday 21 December 2016

ෆලාෆෙල් හොට් ඩෝග් - Falafel Hot Dog


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිසින ලද කඩල කෝප්ප 3ක් (800ග්)
-රතු ලූනු 2ක්
-පාර්ස්ලී මිටියක්
-දුරු මෙස හැඳි 1ක්
-මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
-කොත්තමල්ලි කුඩු මෙස හැඳි 1ක්
-සුදු ලූනු කෑලි 2ක්
-පාන් පිටි කෝප්ප 1ක් (130ග්)
-ඔලිව් තෙල් මේස හැඳි 4ක්
-බැදගත් රතු ලූණු කෑලි

ක්‍රමය​:
1. බැදගත් රතු ලූණු කෑලි හැර අනෙක් සියලු ද්‍රව්‍ය ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා හොඳින් අඹරා ගන්න.

2. ට්‍රේ එකක් ගෙන බේක් කරන කොළයක් එලා එය මත සොසේජ් හැඩයට අඹරා ගත් පේස්ට් එක සකසන්න.

3. 200Cක උෂ්ණත්වයෙන් මිනිත්තු 30ක් බේක් කරන්න.

4. හොට් ඩෝග් බනිසය ඇතුළට පිසින ලද "සොසේජ්" දමන්න.

5. බැදගත් රතු ලූණු කෑලි උඩින් දමන්න.

6. තක්කාලි සෝස් හා වෙනත් සෝස් වර්ග හොට් ඩෝග් එක මත දමන්න 



Thursday 15 December 2016

ග්‍රිල්ඩ් පී නට් බටර් හා කෙසෙල් සැන්ඩ්විච් - Grilled Peanut Butter & Banana Sandwich


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පී නට් බටර් මේස හැඳි 2ක්
-පාන් පෙති 2ක්
-පෙති කපාපු කෙසෙල් ගෙඩි 1ක්
-තෙල් හෝ මාජරීන් ස්වල්පයක්

ක්‍රමය​:
1. පාන් පෙති දෙකේම එක් පැත්තක පී නට් බටර් තවරන්න​.

2. බටර් තැවරුණු පැත්තක් මත කෙසෙල් පෙති දමා අනෙක් පාන් පෙත්තෙන් වසන්න​.

3. සාස්පානක් තෙල් තවරා රත් කරන්න​.

4. සැන්ඩ්විච් එක එයට දමා රන්වන් පැහැ වන තුරු දෙපැත්තම රත් කරන්න (එක් පැත්තක් මිනිත්තු 2ක් පමණ​). 

Original recipe මූල වට්ටෝරුව​  (Allrecipes)

පී නට් බටර් - Peanut Butter


අවශ්‍ය ද්‍රව්‍ය​:
-වියළි රෝස්ට් කළ පී නට් කෝප්ප 2ක්
-සීනි මේස හැඳි 1-2ක්
-ලුණු ස්වල්පයක්

ක්‍රමය​:
1. ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයක් යොදා පී නට් සියල්ල​ මිනිත්තු 4-5ක් අඹරන්න​.

2. ඇඹරෙන ගමන් සීනි හා ලුණු අවශ්‍ය ලෙස එකතු කරන්න​.

3. සති කිහිපයක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

Original recipe මූල වට්ටෝරුව​  (Pinch of Yum)

Wednesday 7 December 2016

ඇක්වාෆාබා (කඩල වතුර​) විප්ඩ් ක්‍රීම් - Aquafaba (Bean Juice) Whipped Cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
-කඩල කෑන් 2ක ඇති ජලය නැත්නම් කඩල තම්බපු ජලය​
-ටාටරික් අම්ල/ක්‍රීම් ඔෆ් ටාටාර් මේස හැඳි 1/2ක්
-වැනිලා මේස හැඳි 2ක්
-සුදු සීනි කෝප්ප 1ක් (හොඳින් කුඩු කළ සීනි)

ක්‍රමය​:
1. වීශාල බඳුනක සියලු ද්‍රව්‍ය මිශ්‍ර කරන්න​.

2. මික්සර් යන්ත්‍රයක් යොදා මිනිත්තු 12-15ක් පමණ උපරිම වේගයෙන් බීට් කරන්න​.

3. ඒ වෙලේම භාවිතා කරන්න​, නැත්නම් සති 1ක් පමණ ශීතකරණයේ ගබඩා කළ හැක​.

                                   

Monday 5 December 2016

ටහීනි (තල පේස්ට්) - Tahini (Sesame Seed Condiment)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අඹරපු සුදු තල කෝප්ප 2ක් (288g)
-ඔලිව් තෙල් හෝ ග්‍රේප්සීඩ් තෙල් මේස හැඳි 1ක් හෝ 2ක්

ක්‍රමය​:
1. බේක් කිරීමට යොදන කොළයක තල ඇට සකසන්න​.

2. ෆැරන්හයිට් අංශක 350කට (176 C) අවන් එක​/පෝරණුව රත් කරන්න​.

3. තල ඇට ඇතුළට දමා මිනිත්තු 10කට හෝ ලා රන්වන් පැහැයක් එන තුරු බේක් කරන්න​.

4. එළියට ගෙන මිනිත්තු 5ක් පමණ නිවෙන්න තියන්න​.

5. බ්ලෙන්ඩරයකට හෝ ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා, තෙල් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න (තෙල් දමන්නේ හොඳින් බ්ලෙන්ඩ් වෙන්න​. තල ඇට ස්වභාවය හා යන්ත්‍රයේ බලය අනුව අවශ්‍ය තෙල් ප්‍රමාණය වෙනස් වේ).

6. බෝතලයකට හෝ සීල් කළ බඳුනකට දමා ශීතකරණයේ තැන්පත් කරන්න (සති 3-4 කලක් තබා ගත හැක​).

7. නොයෙකුත් ආහාරවලට රස කාරකයක් ලෙස යොදා ගත හැක​. කඩලවලින් සාදන හමස්, ෆලාෆෙල් බෝල හා සෝස් වර්ගවලට බහුලව භාවිතා වේ.

Original recipe මූල වට්ටෝරුව​  (Minimalist Baker)