Saturday 26 November 2016

තක්කාලි පැස්ටා - Tomato Pasta


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ලිංග්විනී පැස්ටා 1kgක්
-රතු ලූනු 2ක්
-තක්කාලි වර්ග කෝප්ප 3.5ක්
-ඔලිව් ගෙඩි කෝප්ප 1/2ක්
-සුදු ලූනු කෑලි 4ක්
-ලුණු මේස හැඳි 1ක්
-ඔරිගානෝ මේස හැඳි 1/2ක්
-බැසිල් හෝ වෙනත් පළා කෝප්ප 1ක්
-තක්කාලි ප්‍යූරේ/පේස්ට් මේස හැඳි 6ක්
-ජලය කෝප්ප 6ක්
-ඔලිව් තෙල් ස්වල්පයක්
-ගම්මිරිස් ස්වල්පයක්

ක්‍රමය​:
1. සියලු ද්‍රව්‍ය බඳුනකට දමා මිනිත්තු 12ක් අඩු ගින්දරේ තම්බන්න.

2. වීගන් චීස්, පෝෂණ යීස්ට්/නූච්, බැසිල් කොළ​/වෙනත් පළා ස්වල්පයක් දමා ආහාරයට ගන්න​.​


Friday 25 November 2016

චොක්ලට් පොල් අයිස් ක්‍රීම් - Chocolate Coconut Ice Cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොල් කිරි අවුන්ස 13.5ක්
-සීනි කෝප්ප 1.25ක්
-කොකෝ කුඩු කෝප්ප 0.5ක්

ක්‍රමය​:
1. සියලු ද්‍රව්‍ය බඳුනකට දමා කවලම් කර මද ගින්දරේ යම්තම් උකුවන තෙක් මිනිත්තු 8ක් පමණ උතුරන්න​.

2. ශීත වෙන තුරු පැය 4ක් පමණ ශීතකරණයේ තබන්න​.

3. අයිස් ක්‍රීම් සාදන යන්ත්‍රයකට දමා සෙට් වෙන තුරු මිනිත්තු 15-20ක් පමණ කලක් කලතන්න​.

4. ඝනත්වය ඇති වන තෙක් ශීතකරණයේ තබන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Domestic Fits)

Wednesday 23 November 2016

ග්ලූටන් නොමැති චොක්ලට් වොෆල් - Gluten-Free Chocolate Waffles


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රෝල් කරපු ඕට්ස් (rolled oats) කෝප්ප 3ක් (360g)
-ඔබ කැමති ශාක කිරි (සෝයා කිරි, හාල් කිරි, පොල් කිරි හෝ වෙනත්) කෝප්ප 1ක් (250ml)
-කොකෝ කුඩු මේස හැඳි 4ක්
-කිතුල් පැණි මේස හැඳි 4ක්

ක්‍රමය​:
1. වොෆල් සාදන යන්ත්‍රය​ රත් කරන්න​.

2. අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න​.

3. වොෆල් සාදන යන්ත්‍රය රත් වූ පසු ඔබ කැමතිනම් පොල් තෙල්, ඔලිව් තෙල් වැන්නකින් එය ඇතුළත තවරන්න​.

4. බ්ලෙන්ඩ් කර ගත් දියරය වොෆල් යන්ත්‍රයට දමන්න​.

5. වොෆල් යන්ත්‍රයේ උපදෙස් පරිදි පිසින වෙලාව තීරණය වේ. සාමාන්‍යයෙන් මිනිත්තු 7ක් පමණ ගත වේ.

6. පිසින ලද වොෆල්වලට ඔබ කැමතිම ආහාර ද්‍රව්‍ය දමන්න (කෙසෙල් පෙති, කිතුල් පැණි, ශාකමය අයිස් ක්‍රීම්, වීගන් විප්ඩ් ක්‍රීම් හා වෙනත්).

Original recipe මූල වට්ටෝරුව​  (Simple Vegan Blog)

Sunday 13 November 2016

පොල් විප්ඩ් ක්‍රීම් - Coconut Whipped Cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
-මිටි කිරි 414mlක්
-අයිසිං සීනි/පවුඩර් කළ සීනි කෝප්ප 1/4 - 3/4ක් (28 - 84gක්)
-වැනිලා මේස හැඳි 1/2ක් (අමතර ද්‍රව්‍යක්)

ක්‍රමය​:
1. ශීත කරන ලද බඳුනකට ඝන වූ මිටි කිරි දමන්න​.

2. මික්සර් යන්ත්‍රයක් යොදා තත්පර 30ක් පමණ ක්‍රීම් වන තුරු බීට් කරන්න​.

3. වැනිලා හා සීනි එකතු කර​ මිනිත්තුවකට පමණ හොඳින් බීට් කරන්න​.

4. පැණි රස ඇති නම් එවෙලේම භාවිතා කරන්න​.

5. ශීතකරණයේ සති 1-2ක් කලක් ගබඩා කළ හැක​. බොහෝ ඩෙසර්ට් වර්ග​, බීම වර්ග වලට යොදා ගත හැක​.

Original recipe මූල වට්ටෝරුව​  (Minimalist Baker)

පොලොස් බර්ගර් - Jackfruit Burger


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොලොස් 1000gක්
-දුඹුරු සීනි මේස හැඳි 2ක්
-පැප්‍රීකා කුඩු මේස හැඳි 1ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක​)
-සුදු ලූනු කුඩු මේස හැඳි 1ක්
-ලුණු කුඩු ස්වල්පයක්
-ගම්මිරිස් කුඩු ස්වල්පයක්
-මිරිස් කුඩු මේස හැඳි 1/2ක්

-තෙල් (බදින්න අවශ්‍ය​ ප්‍රමාණයක්)
-BBQ සෝස් කෝප්ප 2ක්
-බිත්තර/කිරි නොමැති බර්ගර් බනිස්

-කිරි නොමැති මාජරීන්/වීගන් බටර්
-සලාද කොළ​ (කැමති වර්ගයක්)

ක්‍රමය​:
1. බඳුනක් ගෙන​ සීනි, පැප්‍රීකා කුඩු, සුදු ලූනු කුඩු, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු පොලොස් වලට දමා හොඳින් මිශ්‍ර කර ගන්න​.

2. තෙල් වල බදින්න​.

3. එක පැත්තක් දුඹුරු වන විට ගෑරුප්පු යොදා පොලොස් කෑලි පෙරළන්න​.

4. ගෑරුප්පු යොදා ඇදලා ඉරන්න​.

5. බර්ගර් එක ඇතුලත මාජරීන්/වීගන් බටර් තවරන්න​.

6. පොලොස් හා කොළ අතුළට දමන්න​.


Tuesday 8 November 2016

තායි අයිස් ශාක කිරි තේ - Thai Iced Plant Milk Tea


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ජලය කෝප්ප 4ක් (960ml)
-තේ කොළ මේස හැඳි 2ක්
-කිතුල් පැණි කෝප්ප 1/4ක් (60ml)
-දුඹුරු සීනි හෝ පොල් සීනි කෝප්ප 1/4ක් (55g)
-වැනිලා මේස හැඳි 1ක්
-පොල් කිරි, හාල් කිරි, සෝයා කිරි හෝ වෙනත් ශාක කිරි 414mlක්

ක්‍රමය​:
1. විශාල බඳුනක ජලය උතුරන්න​.

2. ඉතිරෙන විට ගින්දරින් ඉවත් කර​, බුබුළු නැති වූ පසු තේ කොළ දමන්න​. මිනිත්තු 5ක් තියන්න​.

3. තේ කොළ ඉවත් කිරීමට පෙරන්න​.

4. කිතුල් පැණි, සීනි හා වැනිලා එකතු කර හොඳින් කවලම් කරන්න​.

5. පැණි රස ඇති නම් පැය 2-3ක කාලයක් ශීතකරනයේ තබන්න​.

6. අයිස් කැට සමඟ වීදුරු කෝප්ප වලට​ දමන්න​.

7. ශාක කිරි එකතු කර යන්තම් කවලම් කරන්න​.

Original recipe මූල වට්ටෝරුව​  (Minimalist Baker)

Monday 7 November 2016

සෝයා කිරි - Soy Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-සෝයා ඇට කෝප්ප 1ක්
-ජලය කෝප්ප 3.5ක්

ක්‍රමය​:
1. සෝයා ඇට පැය 8ක් පොඟවන්න​.

2. පොතු ඉවත් කිරීම සඳහා ජලයට දමා පොඩි කරන්න​.

3. බ්ලෙන්ඩරයට දමා, ජලය කෝප්ප 3.5ත් එකතු කර මිනිත්තු 3ක් පමණ අඹරන්න​.

4. හොඳින් පෙරා ගන්න (ඉතුරු වන කැට සහිත ද්‍රව්‍ය ඔකාරා නම් වේ. මෙයින් නොයකුත් ආහාර සෑදිය හැක​, නැත්නම් පොහොර ලෙස භාවිතා කරන්න​)

5. අඩු ගින්දරේ මිනිත්තු 30ක් පමණ උතුරන්න​.

6. හැන්දකින් යොදය ඉවත් කරන්න​.

7. තවත් යොදය මුසු වී ඇත්නම් අවසානයේ පෙරන්න​.



Sunday 6 November 2016

කෙසෙල් අයිස් ක්‍රීම්/නයිස් ක්‍රීම් - Banana Ice Cream/Nice Cream




අවශ්‍ය ද්‍රව්‍ය​:
-හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි
-කැමති රස කාරකයක් (කොකෝවා කුඩු, චොක්ලට්, රටකජු බටර්, ස්ට්‍රෝබෙරි හෝ වෙනත් පළතුරු)

ක්‍රමය​:
1. කෙසෙල් ගෙඩි පෙති කපා ගන්න​.

2. පැය 2කට ශීතකරණයේ අයිස් පෙට්ටියට දමන්න​.

3. බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරන්න​.

4. රස කාරකය එකතු කර එය කවලම් වෙන තුරු අඹරන්න​.

5. ඝණ වන තුරු ශීතකරණයේ තබන්න​.