Tuesday 31 January 2017

ග්ලූටන් නොමැති පෑන්කේක් - Gluten-Free Pancakes


අවශ්‍ය ද්‍රව්‍ය​:
-හාල් පිටි කෝප්ප 1ක් (150g)
-ඕට් පිටි කෝප්ප 1ක් (120g)
-බේකිං පවුඩර් මේස හැඳි 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1ක්
-සෝයා කිරි කෝප්ප 1ක් (250ml)
-කිතුල් පැණි මේස හැඳි 2ක්
-වැනිලා මේස හැඳි 2ක් (අමතර​)
-ඔලිව් තෙල් මේස හැඳි 1ක්
-පෙති කැපූ කෙසෙල් ගෙඩි 2ක්

ක්‍රමය​:
1. සියලුම වියළි ද්‍රව්‍ය බඳුනක කවලම් කරන්න.

2. දියර ද්‍රව්‍ය වෙනත් බඳුනක කවලම් කර, කෙසෙල් එකතු කර බ්ලෙන්ඩ් කරන්න.

3. වියළි හා දියර ද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා හෝ හැන්දකින් මිශ්‍ර කරන්න​.

4. ලාවට තෙල් තැවරූ රත් කළ කබලක බැටර් එකෙන් 1/4ක් දමා, එක් පැත්තක් මිනිත්තු 2 බැගින් පිසින්න​.

5. කැපූ කෙසෙල් ගැඩි හා කිතුල් පැණි සමඟ ආහාරයට ගන්න​.

Monday 30 January 2017

මිරිස් ටෝෆූ - Chilli Tofu


අවශ්‍ය ද්‍රව්‍ය​:
-දොඩම් යුෂ කෝප්ප 1ක්
-ලෙමන් යුෂ කෝප්ප 1/4ක්
-පැණි රසැති මිරිස් සෝස් (චිලී සෝස්) කෝප්ප 1/3ක්
-මිරිස් පේස්ට් (චිලී පේස්ට්) මේස හැඳි 1ක්
-සිරාචා සෝස් ස්වල්පයක් (අමතර​)
-සෝයා සෝස් මේස හැඳි 4ක්
-ඝණ ටෝෆූ කුට්ටි 1ක්
-ඉරිඟු පිටි
-එළවළු තෙල්

ක්‍රමය​:
1. පළතුරු යුෂ​, චිලී පේස්ට්, සෝස් වර්ග ලාවට උතුරවන්න​.

2. ටෝෆූ තීරු ආකාරයට කපන්න​.

3. ඉරිඟු පිටි තවරන්න​.

4. බදින්න අවශ්‍ය ප්‍රමාණයක එළවළු තෙල් රත් කර, ටෝෆූ කෑලි ලා දුඹුරු වන තෙක් බදින්න​.

5. බොහෝ දුරට හිඳී ඇති සෝස් මිශ්‍රණයට ටෝෆූ හොඳින් කවලම් කර​, සිවල්ප වේලාවක් පිසින්න​.

6. තල ඇට උඩින් ඉසින්න​; ඉන් පසු බත් සමඟ ආහාරයට ගන්න​.

Tuesday 24 January 2017

ටෝෆු "බිත්තර​" ස්ක්‍රැම්බල් - Tofu "Egg" Scramble


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ඝණ​ ටෝෆු අවුන්ස 8ක්
-ඔලිව් තෙල් මේස හැඳි 1-2ක්
-සිහින් පෙති කැපූ රතු ලූනු 1/4ක්
-සිහින් පෙති කැපූ රතු බෙල් පෙපර් 1/2ක්
-පොඩිවට කැපූ කේල් හෝ වෙනත් පළා කෝප්ප 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/2ක්
-දුරු කුඩු මේස හැඳි 1/2ක්
-මිරිස් කුඩු මේස හැඳි 1/4ක්
-කහ කුඩු මේස හැඳි 1/4ක්

ක්‍රමය​:
1. ටෝෆු රෙද්දක් මත තබා, බරක් උඩින් දමා මිනිත්තු 15ක් ජලය බහින්න තබන්න​.

2. බඳුනක් ගෙන කුළුබඩු සියල්ල දමා, ජලය එකතු කර සෝස් එකක් සාදා ගන්න​.

3. මධ්‍යස්ථ උෂ්ණත්වයකින් කබල රත් කර​, ඔලිව් තෙල් දමා, ලූනු හා පෙපර් පෙති එකතු කර, ගම්මිරිස් ස්වල්පයක් හා ලුණු දමා කවලම් කර මිනිත්තු 5ක් තෙම්පරාදු කරන්න​.

4. පළා එකතු කර, තව ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්ද දමා මිනිත්තු 2ක් වසා පිසින්න​.

5. ටෝෆු එක ගෑරුප්පුවකින් කුඩා කෑලිවලට කඩන්න​.

6. කබලේ එක් පැත්තකට එළවළු තල්ලු කර ටෝෆු දමන්න​.

7. මිනිත්තු 2ක් බදින්න​, ඉන් පසු සකසා ගත් සෝස් එක දමන්න (වැඩි ප්‍රමාණයක් ටොෆුවලට​, අඩු ප්‍රමාණයක් එළවළුවලට​).

8. ඉක්මණින් කවලම් කර ටෝෆු දුඹුරු ලා පැහැ වන තුරු මිනිත්තු 5-7ක් පිසින්න​. මෙයට තව රස කරන්න පාර්ස්ලී හා කැමති සෝස් වර්ගයක් දමා, පාන් ටෝස්ට්, අල හා පළතුරු සමඟ ආහාරයට ගත හැක​.

කඩල කිරි - Chickpea Milk (Garbanzo Milk)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පැය 24ක් පොඟවන ලද කඩල කෝප්ප 3ක්
-රට කජු 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-සාදික්කා කුඩු මේස හැඳි 1/8ක්
-ලුණු මේස හැඳි 1/8ක්

ක්‍රමය​:
1. කඩල​, රට කජුත් සමඟ බ්ලෙන්ඩරයකට දමා අවශ්‍ය ලෙස ජලය එකතු කර පාප්පයක් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

2. විශාල බඳුනකට ජලය 3785mlක් දමා උතුරන්න​.

3. කඩල පාප්පය, වැනිලා, සාදික්කා, කුරුඳු හා ලුණු එයට එකතු කර​ කවලම් කර, මිනිත්තු 20-30ක් ලාවට උතුරන්න තියන්න​.

4. රෙද්දක් ගෙන කිරි මිරිකා පෙරා ගන්න​. ඉතිරි වන කඩල තන්තු නොයෙකුත් ආහාරවලට පුරවණයක් ලෙස යොදා ගත හැක​.

කඩල ටෝෆූ - Chickpea Tofu (Garbanzo Tofu)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රාත්‍රිය පුරා පොඟවන ලද කඩල 200g
-ජලය 500ml

ක්‍රමය​:
1. ජලය 500ml සමඟ කඩල බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

2. රෙද්දක් ගෙන හොඳින් මිරිකා පෙරා ගන්න​.

3. පෙරා ගත් කඩල කිරි ඝණ වන තුරු හැඳි ගාමින් රත් කරන්න​.

4. කෝප්ප වලට දමා, තවත් ඝණ වන තුරු පැයක් තබන්න​.



ටෝෆූ - Tofu


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රාත්‍රිය පුරා පොඟවන ලද සෝයා ඇට 300g
-ජලය 2000ml
-නිගාරී/මැග්නීසියම් ක්ලෝරයිඩ් 12.5ml
-උණු ජලය 50ml (නිගාරී දිය කිරීමට​)

ක්‍රමය​:
1. පොඟවන ලද සෝයා ඇට ජලය සමඟ බ්ලෙන්ඩ් කරන්න​.

2. හැඳි ගාමින් උතුරන්න​.

3. මිනිත්තු 15කින් පසු උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හැඳි ගාමින් ලාවට උතුරන්න​.

4. පෙරණයක් හෝ රෙද්දක් භාවිතා කර හොඳින් මිරිකා පෙරා ගන්න​.

5. ඉතිරි වන පාප්පය ඔකාරා නම් වේ. මෙය වෙන ආහාර සෑදීමට වෙන් කරන්න​. පෙරා ගත් දියරය සෝයා කිරි වේ.

6. සෝයා කිරිවලින් ටෝෆු හදන්නේ එළකිරි චීස්වලට කැටි කරන ආකාරයටයි. සෝයා කිරි කැටි කිරීමට නිගාරී හෙවත් මැග්නීසියම් ක්ලෝරයිඩ් යොදා ගනියි. නිගාරී ජලය 50ml සමඟ රත් කර කවලම් කරන්න​.

7. සෝයා කිරි හැඳි ගාමින් 73C (163F) උෂ්ණත්වයකට රත් කර (උෂ්ණත්වමානයක් යොදා ගත හැක​) නිගාරී සෙමින් එකතු කරන්න​.

8. ස්වල්ප වශයෙන් කවලම් කර මිනිත්තු 10ක් වසා තබන්න​.

9. ලීවලින් සෑදූ හතරැස් ටෝෆු අච්චුවකට රෙදි තීරු එලා කැටි ගැසුනු සෝයා කිරි දමන්න​.

10. රෙදි තීරු වලින් වසා, ලී පියන ද එය මත තබන්න (වැඩියෙන් ඝණ ටෝෆු අවශ්‍ය නම් තව බරක් උඩින් තබන්න​).

11. මිනිත්තු 10කින් ටොෆූ එළියට ගත හැක​.

12. තිත්ත රස ඉවත් කිරීමට මිනිත්තු 30ක් ජලයේ පොඟවන්න​.


හමස් - Hummus


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිසින ලද කඩල කෝප්ප 3ක්
-ජලය හෝ කඩල තමබපු ජලය කෝප්ප 3/4-1ක්
-පොතු ඉවත් කළ සුදු ලූනු කෑලි 2-4ක්
-ටහීනි මේස හැඳි 2ක් හෝ තල ඇට මේස හැඳි 4ක්
-ලෙමන් යුෂ මේස හැඳි 2-4ක්
-දුරු මේස හැඳි 1/4-1ක්
-පැප්‍රීකා මේස හැඳි 1/4ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක​)
-මිරිස් කුඩු මේස හැඳි 1/8-1/2ක්
-ලුණු ස්වල්පයක්

ක්‍රමය​:
1. ලුණු හැර අන් සියලු ද්‍රව්‍ය (සටහන් කර ඇති අඩුම ප්‍රමාණ​) එකින් එක බ්ලෙන්ඩරයකට දමා අඩු වේගයේ සිට වැඩි කරමින් බ්ලෙන්ඩ් කරන්න​.

2. හැන්දක් යොදා අවශ්‍ය ලෙස මැදින් නවතා කලතන්න​.

3. මිශ්‍රණය ඝණ වැඩි නම් ජලය ස්වල්පයක් දමන්න​.

4. උපරිම වේගයෙන් ක්‍රීම් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

5. රස පරීක්‍ෂා කර​, ඒ අනුව තව ද්‍රව්‍ය එකතු කර, ලුණුත් සමඟ නැවත බ්ලෙන්ඩ් කරන්න​.

6. හොඳම රස ගැනීමට පැයක් ශීතකරණයේ තබන්න.

7. සතියක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

උණු චොක්ලට් පානය - Hot Chocolate


අවශ්‍ය ද්‍රව්‍ය​:
[උණු චොක්ලට් පෙපර්මින්ට් පානය - Peppermint Hot Chocolate​]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-පෙපර්මින්ට් සාරය බිංදු 5-6ක්

[උණු දොඩම් චොක්ලට් පානය​ - Orange Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීරූ දොඩම් පොතු කුඩු (orange zest)

[ඝණ ඉතාලි උණු චොක්ලට් පානය​, ලුණු සමඟ​ - Italian Thick Hot Chocolate with Sea Salt]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 1.5ක් (350ml)
-ඉරිඟු පාප්ප (corn starch) මේස හැඳි 2ක්
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීනි මේස හැඳි 2ක්
-ලුණු ස්වල්පයක්

ක්‍රමය​:
1. ලාවට උතුරන තුරු කිරි රත් කරන්න​.

2. I. පෙපර්මින්ට් චොක්ලට් පානයට නම් චොක්ලට් හා පෙපර්මින්ට් දමා හොඳින් කවලම් කරන්න​.
    II. දොඩම් චොක්ලට් පානයට නම් චොක්ලට් හා දොඩම් කුඩු දමා හොඳින් කවලම් කරන්න​.
    III. ඝණ ඉතාලි චොක්ලට් පානයට නම් ඉරිඟු පාප්ප, කිරි මේස හැඳි 2ක් සමඟ කලින් මිශ්‍ර කර​, ඉන් පසු චොක්ලට් සමඟ උතුරන ලද කිරි එකට හොඳින් කවලම් කරන්න​. අවසානයේ ලුණු ස්වල්පය උඩින් ඉසින්න​.

ආමන්ඩ් කිරි - Almond Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අමු ආමන්ඩ් කෝප්ප 3/4ක් (100g)
-රට කජු 4ක්
-ජලය කෝප්ප 2ක් (500ml)

ක්‍රමය​:
1. රාත්‍රිය පුරා ආමන්ඩ් ඇට පොඟවන්න​.

2. ඇට පෙරා ගෙන පොත්ත ඉවත් කරන්න​.

3. ජලය හා රට කජු සමඟ ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න​.

4. දින 3-4ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක​.

පොල් අයිස් ක්‍රීම් (යන්ත්‍ර නොමැති) - Coconut Ice-Cream (No Machine)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොල් මිටි කිරි අවුන්ස 42ක්
-සීනි කෝප්ප 2/3ක්
-වැනිලා මේස හැඳි 2ක් හෝ වෙනත් රස කාරක​

ක්‍රමය​:
1. පොල් මිටි කිරි අවුන්ස 28ක් ශීතකරණයේ අඩුම තරමින් පැය 6ක් ශීත කරන්න​.

2. ඉතිරි පොල් කිරි අවුන්ස 14 සීනිත් සමඟ මිනිත්තු 30ක් ලාවට උතුරන්න (මිනිත්තු 10කින් ලා රන්වන් පැහැයක් ගනියි)​.

3. ශීත කළ පොල් කිරිවල ක්‍රීම් කොටස බඳුනකට දමා මිනිත්තු 3-4ක වෙලාවක් බීට් කරන්න​.

4. උතුරන ලද පොල් කිරි නිවුනාට පසු, බීට් කළ පොල් ක්‍රීම් සමඟ​ උපරිම වේගයෙන් මිනිත්තු 2-3ක් බීට් කරන්න​.

5. වසන ලද බඳුනකට දමා පැය 4ක් ශීතකරණයේ තබන්න​.

6. රස කාරක සඳහා කොකෝ කුඩු හෝ වැනිලා හෝ පළතුරු ප්‍යුරී යෙදිය හැක​.


චොක්ලට් අලිපේර මූස් - Chocolate Avocado Mousse


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අලිපේර 3ක්
-කොකෝ පවුඩර් කෝප්ප 1/2ක්
-ලුණු ස්වල්පයක්
-වැනිලා මේස හැඳි 1/2ක්
-මේප්ල් සිරප් කෝප්ප 1/3ක් (කිතුල් පැණි ආදේශ කළ හැක​)
-සෝයා කිරි කෝප්ප 1/2ක්

ක්‍රමය​:
1. සියලු ද්‍රව්‍ය බ්ලෙන්ඩ් කර වීදුරු බඳුනකට දමා චොක්ලට් සිරප් හා මිංචි කොළයක් සමඟ සරසන්න​.



උණු සෝයා කිරි තේ - Hot Soy Milk Tea


අවශ්‍ය ද්‍රව්‍ය​:
-ජලය කෝප්ප 1/2ක්
-සීනි මේස හැඳි 1/2ක්
-සෝයා කිරි කෝප්ප 1/4ක්
-කුරුඳු පොතු 1ක්
-තේ බෑග් 1ක් හෝ තේ කෝප්ප 1කට තේ කොළ​

ක්‍රමය​:
1. තේ දමා මිනිත්තු 3ක් තබන්න​.

2. සෝයා කිරි කුරුඳු පොත්ත සමඟ රත් කර, පොත්ත ඉවත් කරන්න​.

3. සෝයා කිරි හා සීනි තේ එකට එකතු කර කවලම් කරන්න​.

අලිපේර අයිස් ක්‍රීම් - Avocado Ice Cream


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොල් මිටි කිරි අවින්ස 14ක්
-අලිපේර ගෙඩි 1.5ක්
-ලෙමන් යුෂ මේස හැඳි 1ක්
-කිතුල් පැණි කෝප්ප 1/3ක්

ක්‍රමය​:
1. පොල් මිටි කිරි හොඳින් ශීත කරන්න​.

2. අලිපේර​ ලෙමන් යුෂත් සමඟ ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයක් යොදා ක්‍රීම් වන තුරු මික්ස් කරන්න​.

3. පොල් මිටි කිරි (ක්‍රීම්) මික්සර් යන්ත්‍රයක් යොදා බීට් කරන්න​.

4. එයට අලිපේර ක්‍රීම් හා පැණි දමා හැන්දකින් කවලම් කරන්න​.

5. ශීතකරණයේ අයිස් පෙට්ටියේ පැය 4ක් පමණ තබන්න​.


අලිපේර ස්ලෝ සමඟ BBQ පොලොස් බර්ගර් - BBQ Jackfruit Burger with Avocado Slaw



අවශ්‍ය ද්‍රව්‍ය​:
[BBQ පොලොස් සඳහා]
-පොලොස් අවුන්ස 40ක්
-BBQ  කුළුබඩු මිශ්‍රණය කෝප්ප 1/4ක් (දුඹුරු සීනි මේස හැඳි 2ක් + පැප්‍රීකා/මිරිස් කුඩු මේස හැඳි 1ක් + සුදු ලූනු කුඩු මේස හැඳි 1/2ක් + ලුණු මේස හැඳි 1/2ක් + ගම්මිරිස් මේස හැඳි 1/2ක් + මිරිස් කුඩු මේස හැඳි 1/2ක්)
-BBQ සෝස් කෝප්ප 3/4ක් හා අවසානයේ උඩින් දමන්න තවත් ප්‍රමාණයක්

[අලිපේර ස්ලෝ සඳහා - අමතර​]
-කෑලි කැපූ ගෝවා හා කැරට් කෝප්ප 2ක්
-ඉදුණු අලිපේර ගෙඩි 1/2ක්
-කිතුල් පැණි හෝ හකුරු මේස හැඳි 1ක්
-දෙහි/ලෙමන් ගෙඩි 1ක යුෂ​
-ගම්මිරිස්/ලුණු ස්වල්පයක්

-බර්ගර් බනිස් (බිත්තර​/එළකිරි නොමැති)
-කජු කෝප්ප 1/2ක් (රෝස්ට් කර ලුණු දැමූ)
-තෙල් මේස හැඳි 1/2ක්
-ජලය ස්වල්පයක්

ක්‍රමය​:
1. කුළුබඩු මිශ්‍රණය පොලොස්වලට දමා කවලම් කරන්න​.

2. මධ්‍යස්ථ උෂ්ණත්වයට කබල රත් කර​, තෙල් දමා පසුව පොලොස් දමන්න​.

3. පොලොස් තෙල්වල හැඳි ගමින් දුඹුරු වන තුරු මිනිත්තු 2-3ක් පිසින්න​.

4. BBQ සෝස් දමා, ජලය ස්වල්පයක්ද එකතු කර, අඩු උෂ්ණත්වයකින් මිනිත්තු 20-30ක වෙලාවක් පිසින්න (මෙම කාලය ඇතුළත අවශ්‍ය ලෙස හැඳි ගාන්න​. පසුව​, ගෑරුප්පුවක් යොදා පොලොස් කෑලි ඉරන්න​).

5. පොලොස් පිසින අතරතුර​, ස්ලෝ එක සඳහා එළවළු හැර අනෙක් ස්ලෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න​.

6. ජලය ස්වල්පයක්ද එකතු කර ඝණ සෝස් එකක් වන තුරු විස්ක් කරන්න​.

7. මෙයට එළවළු දමා කවලම් කර, ශීතකරණයට දමන්න​.

8. පොලොස් අවසාන මිනිත්තු කිහිපයේදී උෂ්ණත්වය වැඩි කර පිසින්න​, ඉන් පසු ගින්දර නිවන්න​.

9. බර්ගර් බනිසය මැදින් කපා, පහත කොටසට ස්ලෝ එක දමන්න​.

10. එයට උඩින් පොලොස් දමා, අවසානයේ කජු හා තව සෝස් ටිකක්ද දමා, අනෙක් බනිස් කොටසින් වසන්න​.

Tuesday 17 January 2017

ලේයර්ඩ් චොක්ලට් බ්‍රව්නි - Layered Chocolate Brownie


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පිටි කෝප්ප 2ක්
-දුඹුරු සීනි කෝප්ප 2ක්
-කොකෝ පවුඩර් කෝප්ප 3/4ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1/2ක්
-ලුණු මේස හැඳි 1ක්
-එළවළු තෙල් කෝප්ප 1/4-1/2ක් 
-සෝයා කිරි කෝප්ප 1ක්
-වැනිලා මේස හැඳි 1ක්

ක්‍රමය​:
1. සියලු ද්‍රව්‍ය මික්සර් යන්ත්‍රයකට දමා හොඳින් මික්ස් කර ගන්න​

2. බේකිං කොළ ට්‍රේ එකකට දමා, තෙල් ස්වල්පයක් තවරා මික්ස් කර ගත් කෙක් බැටර් එක දමන්න​

3. 180C (356F)ක උෂ්ණත්වයකින් මිනිත්තු 20ක් බේක් කරන්න​

4. කේක් එක මැදින් කපා සිසිල් වෙන්න තියන්න​

5. ක්‍රීම් සඳහා පොල් මිටි කිරි කිතුල් පැණිත් සමඟ මික්සර් යන්ත්‍රයක් යොදා මික්ස් කරන්න​

6. කේක් එකේ තවරන්න​

7. අවශ්‍ය ලෙස පළතුරු කැබලි එකතු කරන්න​




Monday 2 January 2017

ඇපල් සෝස් - Applesauce


අවශ්‍ය ද්‍රව්‍ය​:
-පොතු ගලවා, කුඩා කෑලිවලට කැපූ ඇපල් ගෙඩි 4ක්
-සීනි මේස හැඳි 6ක්
-ජලය කෝප්ප 1ක් (250ml)
-කුරුඳු පොතු 1ක්
-ලෙමන් යුෂ (අමතර​)

ක්‍රමය​:
1. සීනි, ජලය​, කුරුඳු, ලෙමන් යුෂ හා  ඇපල් බඳුනකට දමා, උතුරන තුරු අධි උෂ්ණත්වයෙන් තම්බන්න​.

2. උතුරන විට උෂ්ණත්වය අඩු කර මද උෂ්ණත්වයෙන් මිනිත්තු 40ක් පිසින්න​.

3. කුරුඳු පොත්ත ඉවත් කරන්න​.

4. බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කරන්න​, නැත්නම් ගෑරුප්පුවක් හෝ මෑෂර් එකක් යොදා පොඩි කරන්න​.

5. ඇපල් සෝස් එක නිවුනාට පසු ශීතකරණයේ ගබඩා කළ හැක​.

තල කිරි - Sesame Milk


අවශ්‍ය ද්‍රව්‍ය​:
-තල කෝප්ප 1ක්
-ජලය කෝප්ප 4ක්
-රට ඉඳි 2ක්
-වැනිලා මේස හැඳි 1ක්
-ලුණු ස්වල්පයක්
-පොල් තෙල් මේස හැඳි 1ක් (අමතර​)

ක්‍රමය​:
1. තල ඇට රාත්‍රියක් පුරා ජලයේ පොඟවන්න​.

2. පෙරණයක් භාවිතා කර ජලය ඉවත් කරන්න​.

3. පෙරා ගත් ඇට, ජලය කෝප්ප 4ත් සමඟ බ්ලෙන්ඩරයකට දමා තත්පර 30-60ක කලක් උපරිම වේගයන් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න (අවශ්‍ය කාලය යන්ත්‍රයේ බලය මත රඳා පවතියි).

4. පෙරණයක් හෝ රෙද්දක් යොදා කිරි පෙරා ගන්න (ඉතිරි වන පාප්පය අමු කේක් හෝ විස්කෝතුවලට යෙදිය හැක. නැත්නම්, බේක් කරන කේක් හෝ විස්කෝතුවල ෆිලර් හෙවත් පුරවනයක් ලෙස යෙදිය හැක​).

5. බ්ලෙන්ඩරයට නැවතත් පෙරා ගත් කිරි දමා, වැනිලා, රට ඉඳි හා ලුණු සමඟ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න​.


6. හොඳින් වැසිය හැකි බඳුනක දින 2-3ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක​​.

Original recipe මූල වට්ටෝරුව​  (Young and Raw)