Monday 5 December 2016

ටහීනි (තල පේස්ට්) - Tahini (Sesame Seed Condiment)


අවශ්‍ය ද්‍රව්‍ය​:
-අඹරපු සුදු තල කෝප්ප 2ක් (288g)
-ඔලිව් තෙල් හෝ ග්‍රේප්සීඩ් තෙල් මේස හැඳි 1ක් හෝ 2ක්

ක්‍රමය​:
1. බේක් කිරීමට යොදන කොළයක තල ඇට සකසන්න​.

2. ෆැරන්හයිට් අංශක 350කට (176 C) අවන් එක​/පෝරණුව රත් කරන්න​.

3. තල ඇට ඇතුළට දමා මිනිත්තු 10කට හෝ ලා රන්වන් පැහැයක් එන තුරු බේක් කරන්න​.

4. එළියට ගෙන මිනිත්තු 5ක් පමණ නිවෙන්න තියන්න​.

5. බ්ලෙන්ඩරයකට හෝ ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයකට දමා, තෙල් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න (තෙල් දමන්නේ හොඳින් බ්ලෙන්ඩ් වෙන්න​. තල ඇට ස්වභාවය හා යන්ත්‍රයේ බලය අනුව අවශ්‍ය තෙල් ප්‍රමාණය වෙනස් වේ).

6. බෝතලයකට හෝ සීල් කළ බඳුනකට දමා ශීතකරණයේ තැන්පත් කරන්න (සති 3-4 කලක් තබා ගත හැක​).

7. නොයෙකුත් ආහාරවලට රස කාරකයක් ලෙස යොදා ගත හැක​. කඩලවලින් සාදන හමස්, ෆලාෆෙල් බෝල හා සෝස් වර්ගවලට බහුලව භාවිතා වේ.

Original recipe මූල වට්ටෝරුව​  (Minimalist Baker)

No comments:

Post a Comment