Saturday 11 March 2017

වීගන් කොරියන් කිම්චී - Vegan Korean Kimchi


අවශ්‍ය ද්‍රව්‍ය​:
-චීන ගෝවා (නැපා ගෝවා) රාත්තල් 2ක් (වීශාල ගෙඩි 1ක්)
-කැටි ගැසුනු ලුණු කෝප්ප 3/4ක්

[කිම්චී පේස්ට් එකට​]
-ජලය කෝප්ප 1.5ක්
-ෂිටාකේ හතු 4ක් (වෙනත් හතු ආදේශ කළ හැක​)
-5" x 5"ක ප්‍රමාණයේ මුහුදු පැලෑටි/ඇල්ගී ශීට් 1ක් (Konbu/Dahsima)
-පැණි රසැති හාල් පිටි මේස හැඳි 2ක්
-සුදු ලූනු කෑලි 4ක්
-ඉඟුරු අවුන්ස 1ක්​
-රතු මිරිස් 1-2ක් (අමතර​)
-ලෙලි ගලවා ඉරණ ලද පර්සිමොන් ගෙඩි (ඇපල් හෝ පෙයාර් ගෙඩි ආදේශ කළ හැක​) අවුන්ස 6-8ක් (මධ්‍යස්ථ ප්‍රමාණයේ ගෙඩි 2ක් පමණ​)
-ලුණු මේස හැඳි 1ක්
-ගොචුගරු/කොරියන් රතු මිරිස් ෆ්ලේක්ස්/කුඩු කෝප්ප 3/4ක්
-සිහින්වට කැපූ කොරියන් රාබු අවුන්ස 8-10ක්
-අඟල් 1ක දිගකට කැපූ ලූනු 4ක කොළ​
-කොරියන් අබ කොළ හෝ සිහින්වට කැපූ කැරට් අවුන්ස 4ක්
-තල ඇට මේස හැඳි 2ක්

ක්‍රමය​:
1. ගෝවා මධ්‍යස්ථ කෑලිවලට කපන්න​.

2. ස්ට්‍රේනරයකට (පෙරණයකට​) දමා ගෝවා තෙමීම සඳහා ටැප් එකෙන් ජලය මධ්‍යස්ථ ප්‍රමාණයක් දමන්න​.

3. විශාල බඳුනක් ගෙන ගෝවා 1/4ක් එයට දමා ලුණු 1/4ක් ඉසින්න​.

4. තට්ටු 4ක් පමණ බඳුනේ ගොඩ ගැසෙනකම් ඉතිරි ගෝවා හා ලුණුද මේ ආකාරෙයෙන් දමන්න​.

5. පැය 3ක් ලුණු අල්ලන තුරු තියන්න​.

6. සෑම පැයකට සැරයක්ම පහළ සිට ඉහළට කවලම් කරන්න​.

7. පැය 3කට පසු ගෝවා මත ජලය තට්ටුවක් දැක ගත හැකි වේ (දඬු කොටස නමන විට කැඩෙනවා නම් තව පොඟවන්න තිබිය යුතුය​).

8. අමතර ලුණු ඉවත් කිරීම සඳහා 5 පාරක් පමණ හොඳින් ජලය දමා හෝදන්න​.

9. ජලය සම්පූර්ණයෙන්ම පෙරා ඉවත් කරන්න (මිනිත්තු 30-60ක් පමණ පෙරෙන්න තබන්න​​).

10. පෙරෙන අතරතුරු කිම්චී පේස්ට් සාදන්න ගන්න​.

11. කුඩා බඳුනක් ගෙන මුහුදු පැලෑටි, හතු හා ජලය දමා උතුරන්න ගන්න​.

12. උතුරන විට මුහුදු පැලෑටි ඉවත් කර​, උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හතු ලාවට උතුරන්න​.

13. හතු ඉවත් කර එම දියරයට හාල් පිටි එකතු කර විස්ක් කරන්න (වේගයෙන් කලතන්න​).

14. නැවත් මධ්‍යස්ථ උෂ්ණත්වයකින් ලාවට උතුරන ගමන් මිනිත්තු 1-2ක් පමණ විස්ක් කරන්න​.

15. මෙය ශීතකරණයේ මිනිත්තු 20-30ක් ශීත කරන්න​.

16. බ්ලෙන්ඩරයක් ගෙන එයට සුදු ලූනු, ඉඟුරු, රතු මිරිස්, පර්සිමොන්/ඇපල්, ලුණු හා හාල් පිටි මිශ්‍රණය දමා හොඳින් ක්‍රීම් වන තුරු බ්ලෙන්ඩ් කරන්න​.

17. විශාල බඳුනක් ගෙන බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය, ගොචුගරු/කොරියන් රතු මිරිස් ෆ්ලේක්ස් හා එළවලු (ගෝවා හැර අනිත් එළවළු) දමා අතින් (ග්ලව් එකක් පළඳින්න​) හෝ හැන්දකින් මිශ්‍ර කරන්න​.

18. පෙරා ගත් ගෝවා එකතු කර අතින් හෝ හැන්දකින් හොඳින් කවලම් කරන්න​.

19. අවසානයේ තල ඇට දමා යන්තම් කවලම් කරන්න​.

20. හොඳින් වැසිය හැකි ඉඩ ඇති බඳුනකට දමා, තදින් වසා පැය 24-48ක් කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න​.

21. ඉන් පසු ශීතකරණයේ ගබඩා කළ හැක​.



No comments:

Post a Comment