අවශ්‍ය ද්‍රව්‍ය:
-පැය 24ක් පොඟවන ලද කඩල කෝප්ප 3ක්
-රට කජු 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-සාදික්කා කුඩු මේස හැඳි 1/8ක්
-ලුණු මේස හැඳි 1/8ක්
ක්‍රමය:
1. කඩල, රට කජුත් සමඟ බ්ලෙන්ඩරයකට දමා අවශ්‍ය ලෙස ජලය එකතු කර පාප්පයක් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න.
2. විශාල බඳුනකට ජලය 3785mlක් දමා උතුරන්න.
3. කඩල පාප්පය, වැනිලා, සාදික්කා, කුරුඳු හා ලුණු එයට එකතු කර කවලම් කර, මිනිත්තු 20-30ක් ලාවට උතුරන්න තියන්න.
4. රෙද්දක් ගෙන කිරි මිරිකා පෙරා ගන්න. ඉතිරි වන කඩල තන්තු නොයෙකුත් ආහාරවලට පුරවණයක් ලෙස යොදා ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
-රාත්‍රිය පුරා පොඟවන ලද කඩල 200g
-ජලය 500ml
ක්‍රමය:
1. ජලය 500ml සමඟ කඩල බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
2. රෙද්දක් ගෙන හොඳින් මිරිකා පෙරා ගන්න.
3. පෙරා ගත් කඩල කිරි ඝණ වන තුරු හැඳි ගාමින් රත් කරන්න.
4. කෝප්ප වලට දමා, තවත් ඝණ වන තුරු පැයක් තබන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
-රාත්‍රිය පුරා පොඟවන ලද සෝයා ඇට 300g
-ජලය 2000ml
-නිගාරී/මැග්නීසියම් ක්ලෝරයිඩ් 12.5ml
-උණු ජලය 50ml (නිගාරී දිය කිරීමට)
ක්‍රමය:
1. පොඟවන ලද සෝයා ඇට ජලය සමඟ බ්ලෙන්ඩ් කරන්න.
2. හැඳි ගාමින් උතුරන්න.
3. මිනිත්තු 15කින් පසු උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හැඳි ගාමින් ලාවට උතුරන්න.
4. පෙරණයක් හෝ රෙද්දක් භාවිතා කර හොඳින් මිරිකා පෙරා ගන්න.
5. ඉතිරි වන පාප්පය ඔකාරා නම් වේ. මෙය වෙන ආහාර සෑදීමට වෙන් කරන්න. පෙරා ගත් දියරය සෝයා කිරි වේ.
6. සෝයා කිරිවලින් ටෝෆු හදන්නේ එළකිරි චීස්වලට කැටි කරන ආකාරයටයි. සෝයා කිරි කැටි කිරීමට නිගාරී හෙවත් මැග්නීසියම් ක්ලෝරයිඩ් යොදා ගනියි. නිගාරී ජලය 50ml සමඟ රත් කර කවලම් කරන්න.
7. සෝයා කිරි හැඳි ගාමින් 73C (163F) උෂ්ණත්වයකට රත් කර (උෂ්ණත්වමානයක් යොදා ගත හැක) නිගාරී සෙමින් එකතු කරන්න.
8. ස්වල්ප වශයෙන් කවලම් කර මිනිත්තු 10ක් වසා තබන්න.
9. ලීවලින් සෑදූ හතරැස් ටෝෆු අච්චුවකට රෙදි තීරු එලා කැටි ගැසුනු සෝයා කිරි දමන්න.
10. රෙදි තීරු වලින් වසා, ලී පියන ද එය මත තබන්න (වැඩියෙන් ඝණ ටෝෆු අවශ්‍ය නම් තව බරක් උඩින් තබන්න).
11. මිනිත්තු 10කින් ටොෆූ එළියට ගත හැක.
12. තිත්ත රස ඉවත් කිරීමට මිනිත්තු 30ක් ජලයේ පොඟවන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
-පිසින ලද කඩල කෝප්ප 3ක්
-ජලය හෝ කඩල තමබපු ජලය කෝප්ප 3/4-1ක්
-පොතු ඉවත් කළ සුදු ලූනු කෑලි 2-4ක්
-ටහීනි මේස හැඳි 2ක් හෝ තල ඇට මේස හැඳි 4ක්
-ලෙමන් යුෂ මේස හැඳි 2-4ක්
-දුරු මේස හැඳි 1/4-1ක්
-පැප්‍රීකා මේස හැඳි 1/4ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක)
-මිරිස් කුඩු මේස හැඳි 1/8-1/2ක්
-ලුණු ස්වල්පයක්
ක්‍රමය:
1. ලුණු හැර අන් සියලු ද්‍රව්‍ය (සටහන් කර ඇති අඩුම ප්‍රමාණ) එකින් එක බ්ලෙන්ඩරයකට දමා අඩු වේගයේ සිට වැඩි කරමින් බ්ලෙන්ඩ් කරන්න.
2. හැන්දක් යොදා අවශ්‍ය ලෙස මැදින් නවතා කලතන්න.
3. මිශ්‍රණය ඝණ වැඩි නම් ජලය ස්වල්පයක් දමන්න.
4. උපරිම වේගයෙන් ක්‍රීම් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න.
5. රස පරීක්‍ෂා කර, ඒ අනුව තව ද්‍රව්‍ය එකතු කර, ලුණුත් සමඟ නැවත බ්ලෙන්ඩ් කරන්න.
6. හොඳම රස ගැනීමට පැයක් ශීතකරණයේ තබන්න.
7. සතියක් ශීතකරණයේ ගබඩා කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
[උණු චොක්ලට් පෙපර්මින්ට් පානය - Peppermint Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-පෙපර්මින්ට් සාරය බිංදු 5-6ක්
[උණු දොඩම් චොක්ලට් පානය - Orange Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීරූ දොඩම් පොතු කුඩු (orange zest)
[ඝණ ඉතාලි උණු චොක්ලට් පානය, ලුණු සමඟ - Italian Thick Hot Chocolate with Sea Salt]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 1.5ක් (350ml)
-ඉරිඟු පාප්ප (corn starch) මේස හැඳි 2ක්
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීනි මේස හැඳි 2ක්
-ලුණු ස්වල්පයක්
ක්‍රමය:
1. ලාවට උතුරන තුරු කිරි රත් කරන්න.
2. I. පෙපර්මින්ට් චොක්ලට් පානයට නම් චොක්ලට් හා පෙපර්මින්ට් දමා හොඳින් කවලම් කරන්න.
II. දොඩම් චොක්ලට් පානයට නම් චොක්ලට් හා දොඩම් කුඩු දමා හොඳින් කවලම් කරන්න.
III. ඝණ ඉතාලි චොක්ලට් පානයට නම් ඉරිඟු පාප්ප, කිරි මේස හැඳි 2ක් සමඟ කලින් මිශ්‍ර කර, ඉන් පසු චොක්ලට් සමඟ උතුරන ලද කිරි එකට හොඳින් කවලම් කරන්න. අවසානයේ ලුණු ස්වල්පය උඩින් ඉසින්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
-අමු ආමන්ඩ් කෝප්ප 3/4ක් (100g)
-රට කජු 4ක්
-ජලය කෝප්ප 2ක් (500ml)
ක්‍රමය:
1. රාත්‍රිය පුරා ආමන්ඩ් ඇට පොඟවන්න.
2. ඇට පෙරා ගෙන පොත්ත ඉවත් කරන්න.
3. ජලය හා රට කජු සමඟ ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
4. දින 3-4ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
-පොල් මිටි කිරි අවුන්ස 42ක්
-සීනි කෝප්ප 2/3ක්
-වැනිලා මේස හැඳි 2ක් හෝ වෙනත් රස කාරක
ක්‍රමය:
1. පොල් මිටි කිරි අවුන්ස 28ක් ශීතකරණයේ අඩුම තරමින් පැය 6ක් ශීත කරන්න.
2. ඉතිරි පොල් කිරි අවුන්ස 14 සීනිත් සමඟ මිනිත්තු 30ක් ලාවට උතුරන්න (මිනිත්තු 10කින් ලා රන්වන් පැහැයක් ගනියි).
3. ශීත කළ පොල් කිරිවල ක්‍රීම් කොටස බඳුනකට දමා මිනිත්තු 3-4ක වෙලාවක් බීට් කරන්න.
4. උතුරන ලද පොල් කිරි නිවුනාට පසු, බීට් කළ පොල් ක්‍රීම් සමඟ උපරිම වේගයෙන් මිනිත්තු 2-3ක් බීට් කරන්න.
5. වසන ලද බඳුනකට දමා පැය 4ක් ශීතකරණයේ තබන්න.
6. රස කාරක සඳහා කොකෝ කුඩු හෝ වැනිලා හෝ පළතුරු ප්‍යුරී යෙදිය හැක.