Tuesday 24 January 2017

ටෝෆූ - Tofu


අවශ්‍ය ද්‍රව්‍ය​:
-රාත්‍රිය පුරා පොඟවන ලද සෝයා ඇට 300g
-ජලය 2000ml
-නිගාරී/මැග්නීසියම් ක්ලෝරයිඩ් 12.5ml
-උණු ජලය 50ml (නිගාරී දිය කිරීමට​)

ක්‍රමය​:
1. පොඟවන ලද සෝයා ඇට ජලය සමඟ බ්ලෙන්ඩ් කරන්න​.

2. හැඳි ගාමින් උතුරන්න​.

3. මිනිත්තු 15කින් පසු උෂ්ණත්වය අඩු කර තව මිනිත්තු 10ක් හැඳි ගාමින් ලාවට උතුරන්න​.

4. පෙරණයක් හෝ රෙද්දක් භාවිතා කර හොඳින් මිරිකා පෙරා ගන්න​.

5. ඉතිරි වන පාප්පය ඔකාරා නම් වේ. මෙය වෙන ආහාර සෑදීමට වෙන් කරන්න​. පෙරා ගත් දියරය සෝයා කිරි වේ.

6. සෝයා කිරිවලින් ටෝෆු හදන්නේ එළකිරි චීස්වලට කැටි කරන ආකාරයටයි. සෝයා කිරි කැටි කිරීමට නිගාරී හෙවත් මැග්නීසියම් ක්ලෝරයිඩ් යොදා ගනියි. නිගාරී ජලය 50ml සමඟ රත් කර කවලම් කරන්න​.

7. සෝයා කිරි හැඳි ගාමින් 73C (163F) උෂ්ණත්වයකට රත් කර (උෂ්ණත්වමානයක් යොදා ගත හැක​) නිගාරී සෙමින් එකතු කරන්න​.

8. ස්වල්ප වශයෙන් කවලම් කර මිනිත්තු 10ක් වසා තබන්න​.

9. ලීවලින් සෑදූ හතරැස් ටෝෆු අච්චුවකට රෙදි තීරු එලා කැටි ගැසුනු සෝයා කිරි දමන්න​.

10. රෙදි තීරු වලින් වසා, ලී පියන ද එය මත තබන්න (වැඩියෙන් ඝණ ටෝෆු අවශ්‍ය නම් තව බරක් උඩින් තබන්න​).

11. මිනිත්තු 10කින් ටොෆූ එළියට ගත හැක​.

12. තිත්ත රස ඉවත් කිරීමට මිනිත්තු 30ක් ජලයේ පොඟවන්න​.


1 comment:

  1. නිගාරි කෙසේ ද ලබා ගන්නේ? සත්තකින්ම වීජින් ක්‍රමයට පරිවර්තනයවීම සුව දායක නිරෝගි දිවියකට කැඳවීමක් ලෙස මට හඟෙනවා.....

    ReplyDelete