Monday, 2 January 2017
ඇපල් සෝස් - Applesauce
අවශ්‍ය ද්‍රව්‍ය:
-පොතු ගලවා, කුඩා කෑලිවලට කැපූ ඇපල් ගෙඩි 4ක්
-සීනි මේස හැඳි 6ක්
-ජලය කෝප්ප 1ක් (250ml)
-කුරුඳු පොතු 1ක්
-ලෙමන් යුෂ (අමතර)
ක්‍රමය:
1. සීනි, ජලය, කුරුඳු, ලෙමන් යුෂ හා ඇපල් බඳුනකට දමා, උතුරන තුරු අධි උෂ්ණත්වයෙන් තම්බන්න.
2. උතුරන විට උෂ්ණත්වය අඩු කර මද උෂ්ණත්වයෙන් මිනිත්තු 40ක් පිසින්න.
3. කුරුඳු පොත්ත ඉවත් කරන්න.
4. බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කරන්න, නැත්නම් ගෑරුප්පුවක් හෝ මෑෂර් එකක් යොදා පොඩි කරන්න.
5. ඇපල් සෝස් එක නිවුනාට පසු ශීතකරණයේ ගබඩා කළ හැක.
Labels:
Dessert
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment