-ඝණ ටෝෆු අවුන්ස 8ක්
-ඔලිව් තෙල් මේස හැඳි 1-2ක්
-සිහින් පෙති කැපූ රතු ලූනු 1/4ක්
-සිහින් පෙති කැපූ රතු බෙල් පෙපර් 1/2ක්
-පොඩිවට කැපූ කේල් හෝ වෙනත් පළා කෝප්ප 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-සුදු ලූනු කුඩු මේස හැඳි 1/2ක්
-දුරු කුඩු මේස හැඳි 1/2ක්
-මිරිස් කුඩු මේස හැඳි 1/4ක්
-කහ කුඩු මේස හැඳි 1/4ක්
ක්‍රමය:
1. ටෝෆු රෙද්දක් මත තබා, බරක් උඩින් දමා මිනිත්තු 15ක් ජලය බහින්න තබන්න.
2. බඳුනක් ගෙන කුළුබඩු සියල්ල දමා, ජලය එකතු කර සෝස් එකක් සාදා ගන්න.
3. මධ්‍යස්ථ උෂ්ණත්වයකින් කබල රත් කර, ඔලිව් තෙල් දමා, ලූනු හා පෙපර් පෙති එකතු කර, ගම්මිරිස් ස්වල්පයක් හා ලුණු දමා කවලම් කර මිනිත්තු 5ක් තෙම්පරාදු කරන්න.
4. පළා එකතු කර, තව ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්ද දමා මිනිත්තු 2ක් වසා පිසින්න.
5. ටෝෆු එක ගෑරුප්පුවකින් කුඩා කෑලිවලට කඩන්න.
6. කබලේ එක් පැත්තකට එළවළු තල්ලු කර ටෝෆු දමන්න.
7. මිනිත්තු 2ක් බදින්න, ඉන් පසු සකසා ගත් සෝස් එක දමන්න (වැඩි ප්‍රමාණයක් ටොෆුවලට, අඩු ප්‍රමාණයක් එළවළුවලට).
8. ඉක්මණින් කවලම් කර ටෝෆු දුඹුරු ලා පැහැ වන තුරු මිනිත්තු 5-7ක් පිසින්න. මෙයට තව රස කරන්න පාර්ස්ලී හා කැමති සෝස් වර්ගයක් දමා, පාන් ටෝස්ට්, අල හා පළතුරු සමඟ ආහාරයට ගත හැක.
No comments:
Post a Comment