[උණු චොක්ලට් පෙපර්මින්ට් පානය - Peppermint Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-පෙපර්මින්ට් සාරය බිංදු 5-6ක්
[උණු දොඩම් චොක්ලට් පානය - Orange Hot Chocolate]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 2ක් (460ml)
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීරූ දොඩම් පොතු කුඩු (orange zest)
[ඝණ ඉතාලි උණු චොක්ලට් පානය, ලුණු සමඟ - Italian Thick Hot Chocolate with Sea Salt]
-ආමන්ඩ් කිරි හෝ කජු කිරි කෝප්ප 1.5ක් (350ml)
-ඉරිඟු පාප්ප (corn starch) මේස හැඳි 2ක්
-කුඩා කැබලිවලට කැපූ ඩාර්ක් චොක්ලට් කෝප්ප 1/2ක් (115g)
-සීනි මේස හැඳි 2ක්
-ලුණු ස්වල්පයක්
ක්‍රමය:
1. ලාවට උතුරන තුරු කිරි රත් කරන්න.
2. I. පෙපර්මින්ට් චොක්ලට් පානයට නම් චොක්ලට් හා පෙපර්මින්ට් දමා හොඳින් කවලම් කරන්න.
II. දොඩම් චොක්ලට් පානයට නම් චොක්ලට් හා දොඩම් කුඩු දමා හොඳින් කවලම් කරන්න.
III. ඝණ ඉතාලි චොක්ලට් පානයට නම් ඉරිඟු පාප්ප, කිරි මේස හැඳි 2ක් සමඟ කලින් මිශ්‍ර කර, ඉන් පසු චොක්ලට් සමඟ උතුරන ලද කිරි එකට හොඳින් කවලම් කරන්න. අවසානයේ ලුණු ස්වල්පය උඩින් ඉසින්න.
No comments:
Post a Comment