Tuesday 24 January 2017

අලිපේර ස්ලෝ සමඟ BBQ පොලොස් බර්ගර් - BBQ Jackfruit Burger with Avocado Slaw



අවශ්‍ය ද්‍රව්‍ය​:
[BBQ පොලොස් සඳහා]
-පොලොස් අවුන්ස 40ක්
-BBQ  කුළුබඩු මිශ්‍රණය කෝප්ප 1/4ක් (දුඹුරු සීනි මේස හැඳි 2ක් + පැප්‍රීකා/මිරිස් කුඩු මේස හැඳි 1ක් + සුදු ලූනු කුඩු මේස හැඳි 1/2ක් + ලුණු මේස හැඳි 1/2ක් + ගම්මිරිස් මේස හැඳි 1/2ක් + මිරිස් කුඩු මේස හැඳි 1/2ක්)
-BBQ සෝස් කෝප්ප 3/4ක් හා අවසානයේ උඩින් දමන්න තවත් ප්‍රමාණයක්

[අලිපේර ස්ලෝ සඳහා - අමතර​]
-කෑලි කැපූ ගෝවා හා කැරට් කෝප්ප 2ක්
-ඉදුණු අලිපේර ගෙඩි 1/2ක්
-කිතුල් පැණි හෝ හකුරු මේස හැඳි 1ක්
-දෙහි/ලෙමන් ගෙඩි 1ක යුෂ​
-ගම්මිරිස්/ලුණු ස්වල්පයක්

-බර්ගර් බනිස් (බිත්තර​/එළකිරි නොමැති)
-කජු කෝප්ප 1/2ක් (රෝස්ට් කර ලුණු දැමූ)
-තෙල් මේස හැඳි 1/2ක්
-ජලය ස්වල්පයක්

ක්‍රමය​:
1. කුළුබඩු මිශ්‍රණය පොලොස්වලට දමා කවලම් කරන්න​.

2. මධ්‍යස්ථ උෂ්ණත්වයට කබල රත් කර​, තෙල් දමා පසුව පොලොස් දමන්න​.

3. පොලොස් තෙල්වල හැඳි ගමින් දුඹුරු වන තුරු මිනිත්තු 2-3ක් පිසින්න​.

4. BBQ සෝස් දමා, ජලය ස්වල්පයක්ද එකතු කර, අඩු උෂ්ණත්වයකින් මිනිත්තු 20-30ක වෙලාවක් පිසින්න (මෙම කාලය ඇතුළත අවශ්‍ය ලෙස හැඳි ගාන්න​. පසුව​, ගෑරුප්පුවක් යොදා පොලොස් කෑලි ඉරන්න​).

5. පොලොස් පිසින අතරතුර​, ස්ලෝ එක සඳහා එළවළු හැර අනෙක් ස්ලෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න​.

6. ජලය ස්වල්පයක්ද එකතු කර ඝණ සෝස් එකක් වන තුරු විස්ක් කරන්න​.

7. මෙයට එළවළු දමා කවලම් කර, ශීතකරණයට දමන්න​.

8. පොලොස් අවසාන මිනිත්තු කිහිපයේදී උෂ්ණත්වය වැඩි කර පිසින්න​, ඉන් පසු ගින්දර නිවන්න​.

9. බර්ගර් බනිසය මැදින් කපා, පහත කොටසට ස්ලෝ එක දමන්න​.

10. එයට උඩින් පොලොස් දමා, අවසානයේ කජු හා තව සෝස් ටිකක්ද දමා, අනෙක් බනිස් කොටසින් වසන්න​.

No comments:

Post a Comment