-හාල් පිටි කෝප්ප 1ක් (150g)
-ඕට් පිටි කෝප්ප 1ක් (120g)
-බේකිං පවුඩර් මේස හැඳි 2ක්
-ලුණු මේස හැඳි 1/2ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1ක්
-සෝයා කිරි කෝප්ප 1ක් (250ml)
-කිතුල් පැණි මේස හැඳි 2ක්
-වැනිලා මේස හැඳි 2ක් (අමතර)
-ඔලිව් තෙල් මේස හැඳි 1ක්
-පෙති කැපූ කෙසෙල් ගෙඩි 2ක්
ක්‍රමය:
1. සියලුම වියළි ද්‍රව්‍ය බඳුනක කවලම් කරන්න.
2. දියර ද්‍රව්‍ය වෙනත් බඳුනක කවලම් කර, කෙසෙල් එකතු කර බ්ලෙන්ඩ් කරන්න.
3. වියළි හා දියර ද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා හෝ හැන්දකින් මිශ්‍ර කරන්න.
4. ලාවට තෙල් තැවරූ රත් කළ කබලක බැටර් එකෙන් 1/4ක් දමා, එක් පැත්තක් මිනිත්තු 2 බැගින් පිසින්න.
5. කැපූ කෙසෙල් ගැඩි හා කිතුල් පැණි සමඟ ආහාරයට ගන්න.